මේ මොහොතේ සමාජ මාධ්‍ය වල වැඩිම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව ඇත්තේ විල්පත්තු වන විනාශයයි.ඒ අතර සිංහරාජය නකල්ස් වන රක්ෂිතද එලි කරමින් සසිටිනවා.නමුත් මවිතය දනවන කරුණ නම් පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රි වරයෙක් මේ ගැන කතා නොකිරීමයි.මාධ්‍ය සංදර්ශන පෙන්වන සමහර මන්ත්‍රිවරු ඇමතිවරු විල්පත්තුව ගැන වචනයක් කතා නොකිරිමයි.වර්තමාන පරිසර ඇමති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද මේ විනාශය දැක දැක නිහඩ පිලිවෙතක් අනුගමනය කිරීම කනගාටු දායක දෙයකි
කෙසේ නමුත් විල්පත්තුවේ පැල සිටුවීමද දැන් තහනම්.කාට කියන්නද මේවා
ගස් කැපීමට කිසිම කොන්දේසියක් අවශ්‍ය නැති ගස් සිටුවීමට දහසක් කොන්දේසි දමන විල්පත්තු ජාතික වනෝද්‍යානය .
මෙහි දැක්වෙන්නේ අප විසින් විල්පත්ත වනාන්තරයේ කුඹුක් පැල හිටුවීමට අවසර ඉල්ලා යැවූ ලිපියට වනජීවී එකේ ඉහල නිලධාරීන් විසින් ලබාදුන් පිලිතුරු ලිපියයි .
ඔවුන් පවසන අන්දමට විල්පත්තුවේ කිසිදු පැළයක් රෝපනය කිරීමට අවසර නැත . ඒ වෙනුවට ඔවුන් දෙන විසදුම නං ඊට ආසන්නයේ ඇති තබ්බෝව අභය භූමියේ පැළ සිටුවීමට අවසර දී තිබීමයි .
එක යායට විනාශ කරන විල්පත්තු ජාතික වනෝද්‍යානය අවසන් හුස්ම හෙලන්නට පෙරාතුව අපේ යුතුකම ඉටු කිරීමට ගස් උත්සාහය මෙලෙසින් ව්‍යර්තක උනේ කාගේ බලපෑමකින්ද යන්න ඔබ අප කවුරුත් දන්නා කරුණකි


අනිත් අයටත් බලන්න share කරන්න
උපුටා ගැනීම බොහිමියා Bohemia පිටුවෙනි