තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කේප් ටවුන්හි නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී අද (19) පැවැති පළමු විස්සයි-20 තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම සුපිරි ඕවරය ජයගත්තේය.
.jpg)
දෙපිලේම ලකුණු (134) සමවීම හේතුවෙන් ලසිත් මාලිංග විසින් යවන ලද සුපිරි ඕවරයේදී ඬේවිඞ් මිලර් (13) සහ රාසි වැන්ඩසන් (1) එක්ව ලකුණු 14 ක් ලබාගත්හ. ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පිවිසි තිසර පෙරේරා (02) සහ අවිශ්ක ප්‍රනාන්දුට (01) ඉම්රාන් තහීර් විසින් යවන ලද සුපිරි ඕවරයේදී ලබාගත හැකිවූයේ ලකුණු 03 ක් පමණි. අනෙක් ලකුණ වයිඞ් පන්දුවකින් ලැබිණ.
දකුණු අප්‍රිකාව මෙම ජයත් සමග 1-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගත්තේය.
තරගයේ විශේෂ අවස්ථා මෙතනින් බලන්න
ලකුණු 135 ක ඉලක්කයක් කරා යද්දී දකුණු අප්‍රිකානු කණ්ඩායම 10 වැනි ඕවරය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 58 ක් ලබා සිටි නමුත් අවශ්‍ය වේලාවේදී ප්‍රහාරය ඇරඹීම සඳහා කඩුලු රැකගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබිණ. 15 වැනි සහ 16 වැනි ඕවර දෙකේදී ලකුණු 29 ක් ලබාගත් ඬේවිඞ් මිලර් සහ රාසි වැන්ඩසන් එහි ප්‍රතිඵල ලබාගත්හ.
14 වැනි ඕවරය නිමා වන විට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය ඕවරයකදී ලකුණු 9 ආසන්නයේ විය. පන්දුව බාරගත් ඉසුරු උදානගේ පළමු ඕවරයේදීම ලකුණු 15 ක් රැස්කළ ඬේවිඞ් මිලර් සිය කණ්ඩායම නැවතත් තරගයට ඇදගෙන ආවේය. ඊළඟ ඕවරයේදී තවත් ලකුණු 14 ක් එක්වූයෙන් දකුණු අප්‍රිකානු ඉලක්කය පන්දු 24 කදී ලකුණු 18 ක් තරම් පහසු එකක් විය.
ඉසුරු උදානගේ මුල් ඕවර දෙකේදී ලකුණු 28 ක් උදුරා ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූ නමුත් අවසන් ඕවරයේ පන්දු 6 ලකුණු 4 කට සීමාකරගත් ඉසුරු උදාන තරගය සමකරගත්තේය. එහෙත් අවසන් පන්දුවේදී නිරෝෂන් දික්වැල්ල අතින් ඉතාමත් පහසු දුවද්දී දැවීයාමක් මඟහැරීම හේතුවෙන් තරගය සම විය. එම අවස්ථාවේදී ඬේල් ස්ටේන් දවාගැනීමට දික්වැල්ල සමත් වූයේ නම් තරගයේ ජය ශ්‍රී ලංකා පිල සතු වන්නට තිබිණ.
දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩුප්ලෙසි කාසියේ වාසිය දිනා පන්දු යැවීම තෝරාගත් බැවින් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 134 කට සීමා විය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල නැවත වරක් ලකුණු නොලබා දැවී ගිය අතර ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් ලකුණු 20 ඉක්මවා ලබාගත හැකිවූයේ තවමත් 20 හැවිරිදි කමිඳු මෙන්ඩිස්ට පමණි.
සිය දෙවැනි විස්සයි-20 තරගයට ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 29 කින් ලකුණු 41 ක් ලබා සිටියදී ඉම්රාන් තහිර් ගුවනට මුසුකළ පන්දුවකට පියවර කීපයක් ඉදිරියට පැමිණ පහරක් ගැසීමට ගොස් ස්ටම්ප් කිරීමට හසුවිය. කමිඳුගේ ඉනිම හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකකින් වර්ණවත් විය.
මෙම තරගයේදී විස්සයි20 අන්තර්ජාතික වරම් හිමිකරගත් යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දුගේ ඉනිම රීසා හෙන්ඩි්‍රක්ස් හතරේ සීමාව අසළදී රැකගත් දුර්ලභ උඩ පන්දුව හේතුවෙන් ලකුණු 16 කට සීමා විය. රීසා හෙන්ඩි්‍රක්ස් හතරේ සීමාව ඔන්න මෙන්න සිට පන්දුව ගුවනට යොමුකරමින් හතරේ සීමාවෙන් එපිටට ගොස් නැවත ක්‍රීඩාංගණය තුළදී උඩ පන්දුවක් ලෙස රැකගත්තේය. අවිෂ්ක පන්දු 15 කදී හයේ පහර දෙකක් සමගින් ලකුණු 16 රැස් කළේය.
කුසල් මෙන්ඩිස් පන්දු හයකදී ලකුණු නොලබා දෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය.
නිරෝෂන් දික්වැල්ල ඉනිමේ දෙවැනි පන්දුවේදී ලකුණු නොලබා දැවී යෑමෙන් ආරම්භය අසාර්ථක විය.
දකුණතින් වේග පන්දු යවන ඇන්ඩිල් පෙලුක්වායෝ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වෙමින් ලකුනු 25 කට කඩුලු තුනක් දවාගත්තේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
අනිත් අයටත් බලන්න share කරන්න