News

රට පුරා විදුලිය කැපීමේ අවධානමක්

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක්  හදිසියේ ක්‍රියාවිරහිත වීමත් සමඟ රටපුරා විදුලිය විසන්ධි වීමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි ලංවීම ආරංචි මාර්ග සඳහන් කරයි.

Image result for norochchole

නොරොච්චෝල ගල් අගුරු බලාගාරයේ එක් යන්ත්‍රයක් ඊයෙ (18) පස්වරුවේ හදිසි තාක්ෂණික දෝෂයකට ලක්වූ අතර අද පෙරවරු 11 පමණ සිට මෙගාවොට් 270 ක විදුලිය ධාරිතාවයක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වී තිබෙන බවද ලංවීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසිය.

මීට අමතරව කොළඹ වරායේ බත්තලමක ක්‍රියාත්මක කෙරෙන මෙගාවොට් 60ක බලාගාරයද මීට සතියක පමණ කාලයක සිට ක්‍රියාවිරහිත වී තිබෙන හෙයින් හා ජල විදුලිය ජනනය සියයට 50ක් පමණ අඩුවීම නිසා විදුලි සැපයුම අර්බුදයකට ලක්ව තිබෙන බවද ඔහු කීය.

මේ අතර නොරොච්චෝල බලාගාරයේ දෙවන යන්ත්‍රය ක්‍රියාවිරහිත වීමත් සමඟ ජාතික විදුලිබල පද්ධතිය පාලනය කර ගැනීම සඳහා ප්‍රදේශ කිහිපයක විටින් විට විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද ලංවීම නිලධාරියා කීය.

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top