News

රටම කැලඹූ කෝටි 500 දියමන්තිය දියමන්තියක් නොවේ.වෙනත් පාෂාණායක්.

ආන්දෝලනයට තුඩු දී තිබෙන රුපියල් කෝටි පන්සියයක් වටිනා බව කියන දියමන්තිය පිළිබඳව ඊයේ (11දා) මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කළ මූලික පරීක්‍ෂණයේදී හෙළි වී ඇත්තේ එය දියමන්තියක් නොවන විශේෂ පාෂාණයක් විය හැකි බවයි.

දියමන්තියක් බවට විශ්වාස කරන මෙම විශේෂිත පාෂාණයේ හිමිකරු පොලිසියත් සමඟ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ඊයේ පැමිණි අවස්ථාවේදී එහි සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා මේ පිළිබඳව සොයා බැලීම සඳහා මැණික් පිළිබඳ විශේෂඥ දැනුමකින් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවකට එහි මූලික පරීක්‍ෂණ කටයුතු භාර දී තිබේ.

මෙම පාෂාණය පිළිබඳව එම ත්‍රිපුද්ගල කමිටුව කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ එය දියමන්තියක් නොව විශේෂ පාෂාණයක් විය හැකි බවයි.

මෙය දියමන්තියක් ද නොමැති නම් වෙනත් පාෂාණයක්ද යන්න පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් කිරීමට නම් මෙය පළුදු කළ යුතු බවට එම ත්‍රිපුද්ගල විශේෂඥ කණ්ඩායම දැනුම් දී ඇත.

නමුත් මෙය දියමන්තියක් යැයි විශ්වාස කරන එහි හිමිකරු කියා ඇත්තේ මෙම වටිනා දියමන්තිය පළුදු කිරීමට ඉඩදිය නොහැකි බවය.

මෙම පාෂාණයේ හිමිකරු සමඟ පැමිණ සිටි පොලිස් නිලධාරීන් එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයාට කියා ඇත්තේ මෙය පළුදු කිරීමට හිමිකරු අකැමැත්ත ප්‍රකාශ කරන නිසා ඒ සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කරන බවයි.

මේ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා කියා සිටියේ අධිකරණය දෙන තීන්දුවෙන් පසු මේ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කරන බවයි. ඒ නිසා මෙය දියමන්තියක්ද වෙනත් පාෂාණයක් දැයි යන්න කිව නොහැකි බවද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය

අනිත් අයටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top