News

පාකිස්තානය ‘ඉන්දීය ගුවන් යානා දෙකක් බිම හෙළයි’

කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකකට වෙඩි ප්‍රහාර එල්ල කර බිම හෙළූ බවත් පසුව එක් ගුවන් නියමුවෙකු අත්අඩංගුවට ගත් බවත් පාකිස්තානය පවසයි.

පාකිස්තාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරල් අසිෆ් ඝෆූර් ප්‍රකාශ කළේ, එක් ගුවන් යානයක් පාකිස්තාන පාලන ප්‍රදේශයට කඩා වැටුණු අතර අනෙක ඉන්දීය පාලන ප්‍රදේශයට කඩා වැටුණු බවය.

ඡායාරූපයේ හිමිකම

Twitter හි @OfficialDGISPR කළ පළකිරීම: In response to PAF strikes this morning as released by MoFA, IAF crossed LOC. PAF shot down two Indian aircrafts inside Pakistani airspace. One of the aircraft fell inside AJ&K while other fell inside IOK. One Indian pilot arrested by troops on ground while two in the area.

පාකිස්තානයේ සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ඉන්දියාව අඟහරුවාදා (පෙබරවාරි 26) ගුවන් ප්‍රහාර එල්ල කළේය.

එම ප්‍රහාර එල්ල කරනු ලැබුවේ, ඉන්දියාවට අයත් කාශ්මීර් ප්‍රදේශයේදී ඉන්දීය සන්නද්ධ පොලිස් භට පිරිසකට එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර වශයෙනි.

පෙබරවාරි 14 වන දා පොලිස් භට පිරිසකට එල්ල වූ ප්‍රහාරයෙන් සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමග උණුසුම් තත්ත්වයක් නිර්මාණය විය.

පාකිස්තානය 'ඉන්දීය ජෙට් යානා දෙකක් බිම හෙළයි'

බුද්ගම් ප්‍රදේශයේ ගුවන් යානය කඩා වැටුණු ස්ථානය අසළ රැකවලේ යෙදෙන ඉන්දීය භටයින්
මේ අතර, පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය බදාදා (පෙබරවාරි 27) පැවසුවේ, පාකිස්තාන සහ ඉන්දීය පාලන සීමා හරහා පාකිස්තානය ද ගුවන් ප්‍රහාර එල්ල කළ බවය.

BBC

පාකිස්තානය සඳහන් කළේ, සිවිල් වැසියන් බේරා හමුදාමය නොවන ඉලක්කයක් වෙත ප්‍රහාර එල්ල කළ බවය.

මේ අතර, පාකිස්තාන ජෙට් යානා ආපසු හරවා යැවූ බවත් එක් යානයක් බිම හෙඵෑ බවත් ඉන්දීය බලධාරීහු පැවසූහ.

මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන කාශ්මීර් ප්‍රදේශය සම්බන්ධයෙන් ඉන්දියාව සහ පාකිස්තානය අයිතිවාසිකම් කියන අතර මේ වන විට ඔවුහු එම කලාපය කොටස් වශයෙන් පාලනය කරමින් සිටිති. 1947 වසරේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු දෙරට අතර යුද්ධ තුනක් සහ එක් සුළු ගැටුමක් ඇති වී තිබේ

අනිත් අයටත් බලන්න share කරන්න

උපුටා ගැනීම bbc.com

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top