News

පාර්ලිමේන්තුව විසුරුවාට විරුද්ධව මැකෝ අධිකරනයට යයිද ?

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම නීති විරෝදී බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් පැවසූ බවට එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත.

Related image

කෙසේ වෙතත් මහින්ද දේශප‍්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සදහන් කර ඇත්තේ තමන් කිසිදු මාධ්‍යයකට මේ සම්බන්දයෙන් අදහස් පල කිරීමක් කලේ නැති බවයි.

‘ද හින්දු’ පුවත්පතද මේ සම්බන්දයෙන් මැතිවරණ කොමිසමේ සබාපතිවරයාගෙන් කල විමසීමකට ඔහු ප‍්‍රතිචාර නොදැක්වූ බව එහි මෙරට වාර්තාකාරිනී මීරා ශ‍්‍රිනිවාසන් වාර්තා කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවා ගැසට් නිවේදනයක් නිකුත් කල පසු මැතිවරණ කොමිසමට ඇත්තේ මැතිවරණ පනත අනුව කටයුතු කිරීම මිස ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කිරීම හෝ ව්‍යවස්ථා අර්ථ නිරූපන ඉල්ලා සිටීම නොවන බවත් මැතිවරණ පනතට අනුව කටයුතු කර මැතිවරණය පැවැත්වීම පමණත් බවත් මෙරට අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ඉහලම ධුරයක් දැරු අයෙක් අප වෙත පැවසීය.

අනිත් අයටත් බලන්න SHARE කරන්න

උපුටා ගැනීමකි

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top