News

ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නායකත්වය වෙනස් වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් පිළේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් කායික ආබාධයකට ලක්වීම නිසා එංගලන්තය සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරඟ දෙක සඳහා කණ්ඩායම මෙහෙයවීමට සුරංග ලක්මාල් නම් කර තිබෙනවා.

Image result for sri lanka test team

චන්දිමාල්ට ඉදිරි සති දෙකක කාලය තුළ ක්‍රීඩා කිරීමට කායික යෝග්‍යතාවක් නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව ඔහු වෙනුවට අතිරේක ක්‍රීඩකයෙකු නොවූ චරිත් අසලංක කණ්ඩායමට එක්වනු ඇති. ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරඟය ලබන 14 වැනිදා පල්ලෙකැළේදී ආරම්භවීමට නියමිතයි.

ක්‍රිකට් වලට කැමති යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top