News

ගෝඨාභය රාජපක්ෂගෙ පන නූලෙන් බේරෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද ගමන් කරමින් තිබු ජීප් රථය අද (07) උදෑසන හක්මන දෙනගම ප්‍රදේශයේ දී අත් ට්‍රැක්ටරයක හැපී අනතුරට ලක්වීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා ඇතැයි හක්මන පොලීසිය පවසයි.
Image result for gotabaya rajapaksa

එම අනතුරින් ගොඨාභය රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ බිරිද අනෝමා රාජපක්ෂ මහත්මියට කිසිදු හානියක් සිදු වී නොමැත.

අත් ට්‍රැක්ටරයේ හැපීමෙන් පසු ඔවුන් ගමන් කළ ජීප් රථය පාරෙන් ඉවතට පැන ඒ අසල කොට්ටම්බා ගසක හැපී නැවතී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

අනතුරින් තුවාල ලැබු ට්‍රැක්ටර් රියදුරා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රජයේ රෝහල වෙත ඇතුලත් කර සිටී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා බිරිද කොළඹ සිට මැදමුලන නිවසේ පැවැත්වෙන දිවංගත ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ දානමය පිංකමට සහභාගී වීම සදහා යන අතරතුරදී මෙම අනතුරට මුහුණ පා තිබෙන බව කියයි.

අනතුර සිදු වීමෙන් පසු ගොඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය වෙනත් වාහනයක් ගෙන්වා ගෙන මැදමුලන බලා පිටත්ව ගොස් තිබේ.

මෙම අනතුරට සම්බන්ධ ජීප් රථය හා අත් ට්‍රැක්ටරය වැඩි දුර පරීක්ෂණ සදහා පොලීසිය භාරයට ගෙන ඇත.

තවද ජීප් රථය පැදවු රියදුරු සැක පිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතාගේ උපදෙස් මත හක්මන පොලීසියේ ස්ථානාධිපති නලින් වීරවර්ධන හා රථ වාහන අංශයේ ස්ථානාධිපති ටී.කේ.ගුණරත්න යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ මෙහෙයවති.

යාළුවන්ටත් බලන්න share කරන්න

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top