පාර්ලිමේන්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලබන මස 16 වන දා දක්වා කල් දමා තිබෙනවා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමත් සමඟ කැබිනට් මණ්ඩලය අහෝසි වූ අතර නව කැබිනට් මණ්ඩලය සඳුදා දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය 25 දෙනෙකුට සීමාවන බවත්, ඒකාබද්ධ විපක්ෂයට ඇමතිධූර 15 ක් හිමිවනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතර නව ආණ්ඩුවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් කණ්ඩායමක්ද එකතුවීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් අගමැති ධූරය වෙනස්කිරීම සම්බන්ධයෙන් හෝ ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා තම පක්ෂය දැනුවත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් ප්‍රකාශ කරනවා. එසේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයකට අනුකූලව පාර්ලිමේන්තු බලය වෙනස් වන්නේනම් ගැටළුවක් නොමැති බවත්, නැතහොත් තම පක්ෂය ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
එසේම නව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව විසුරුවාහැර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.
යාළුවන්ටත් බලන්න share කරන්න