News

ගෝඨාගේ ආගමනයෙන් පාතාලය තිගැස්සෙයි.කොටි ත්‍රස්තයන්ට වන්දි ගෙවීමත් නවතියි

පසුගිය රජය විසින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හරහා මියගිය කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් වන්දි ගෙවීමට නියමිතව තිබුනි. මේ අතර ඊයේ දින (27) පත්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය මෙම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මේ අනුව කොටි ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවීම නවතා දැමීමට නව රජය තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

Image result for gotabaya rajapaksa

මේ අතර වත්මන් රජයේ ආරක්ෂාව සම්බන්ධ බලතල හිමිවූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පතාලය මර්ධනය කිරීමේ වගකීම් හිමිව තිබෙන බවත් කියවෙනවා.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනිකව සන්ධානගතවීමට, ජනපති ඝාතන කුමන්ත්‍රණයක් හේතු වූ අතර එම ඝාතනය පාතාලය ලවා සිදු කරවීමට සැලසුම් කර තිබූ බව කියවුනා. එම ඝාතන කුමන්ත්‍රණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබදවද හෙළිවුනා. ඩුබායිහි සැගව සිටිනා මාකඳුරෙ මදුෂ් නම් පාතාල නායකයා ලවා මෙලෙසින් ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කරවීම සැලසුම වූ බවයි කියවුනේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සම්බන්ධ වගකීම් හිමිවීම පසුගිය සමයේ දිනෙන් දින සක්‍රීය වූ පාතාලයට නම් සුභ පණිවිඩයක් නොවනු ඇති බව දේශපාලන විචාරකයන් සදහන් කරනවා.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top