News

නව ආරක්ෂක ලේකම් වරයා ලෙස ගොටාභය රාජපක්ෂ අද දිවුරුම් දෙනු ඇත

දේශපාලනයේ උණුසුම් මොහොතකට එලඹ ඇති මේ මොහොත වන විටත් බොහෝ දේ සිදුවෙමින් පවතී

නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අද (27) දිනයේදී පත් කෙරෙනු ඇති බවට අභ්‍යන්තර තොරතුරු වාර්තා කරයි.

Related image

මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව නැවත වරක් ආරක්ෂක ලේකම්ධූරය භාර ගන්නේද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විමසා තිබූ අතර ඊට පිළිතුරු දෙමින් ඔහු පවසා තිබුණේ රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තනතුරු බලාපොරොත්තු නොවන අතර තනතුරු නොමැතිව සිය වගකීම ඉටු කරන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරනවාද නැද්ද යන්න පිළිබඳව මේ වන විටත් තීරණයකට එළඹ තිබිය යුතුය.

මෙම තීරණ සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු වාර්තා නොවුණද අප වෙත ලැබෙන තොරතුරු වලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කිරීමේ ඉඩකඩ වැඩි බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් පසුගිය කාලය පුරාම එකාබද්ධ විපක්ෂය තුළින්ම ගෝඨාභය රාජපක්ෂ විරෝධී මතවාදයක් ගොඩනැගෙමින් තිබුණි.

මේ අතර නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා පත් කෙරෙනු ඇති බවට කියැවෙයි.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top