දැනුම

ද්‍රව අයිස් ‘සඳ මතුපිට ඇතැයි හඳුනාගැනේ’

චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ද්‍රව – අයිස් තිබෙන බවට නිසැක සාක්ෂි හමුවී ඇතැයි විද්‍යාඥයෝ පවසති.

Image result for moon ice

සඳේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවවලින් එම අයිස් නිධි සොයාගෙන ඇත.

මේ තොරතුරු හෙළිකරගෙන තිබෙන්නේ 2008 සහ 2009 යන වර්ෂවලදී සඳ ගවේෂණය කළ ඉන්දියාවට අයත් චන්ද්‍රයාන් – 1 යානයේ සවිකර තිබූ උපකරණයකිනි.

Proceedings of the National Academy of Sciences (PNAS) නම්වූ සඟරාවේ මේ පිළිබඳ තොරතුරු පළකර ඇත.

එම අයිස් නිධි පැතිර පවතින්නේ තැනින් තැනය. සඳේ දක්ෂිණ ධ්‍රැවයේ ඇති අයිස් ඒකරාශී වී තිබෙන්නේ එහි ඇති ආවාට තුළය. උත්තර ධ්‍රැවයෙහි තැනින් තැන පුළුල්ව ඒවා පැතිර තිබේ.

චන්ද්‍රයාන් හි සවිකර තිබු චන්ද්‍ර ඛනිජ විද්‍යා සිතියම්කාරකය (Moon Mineralogy Mapper – M3) විසින් සඳ මතුපිට ද්‍රව-අයිස් පිළිබඳ සුවිශේෂ සළකුණු තුනක් හඳුනාගැනිණි.

යමෙකුට අයිස්වලින් අපේක්ෂා කළ හැකි පරාවර්තන ක්ෂේත්‍ර පමණක් නොව, එහි අණුක විසින් අධෝරක්ත එළිය අවශෝෂණය කරගනු ලබන ඊට ම ආවේනික වූ ක්‍රමය මැනීමට ද ඊට හැකිවිය. එහි අරුත නම්, ද්‍රාවිය ජලය සහ වාෂ්ප මෙන් ම ඝන අයිස්වල වෙනස හඳුනාගැනීමට හැකිවීම ය.

දිවා කාලයේ චන්ද්‍රයා මත උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ක පිළිස්සී යන තරමේ උෂ්ණත්වයකට ළඟා විය හැකිය. එනම්, සඳ මතුපිට ඇති අයිස්වලට රැඳිය හැකි හිතකර තත්ත්වයක් සකසන්නේ නැත.

එහෙත්, චන්ද්‍ර අක්ෂය අංශක 1.54 ක පමණ ආනතියක් දක්වන බැවින් කිසිදා දිවා එළියක් නොදකින ප්‍රදේශ චන්ද්‍ර ධ්‍රැවයන්හි වේ.

විද්‍යාඥයින්ගේ ඇස්තමේන්තුව පරිදි, ධ්‍රැවයන්හි පිහිටි ස්ථිරව ම සෙවනැල්ලෙන් වැසුණු ආවාටවල උෂ්ණත්වය සෙල්සියස් ඍණ 157 (ෆැරන්හයිට් ඍණ 250) වඩා ඉහළ නොයයි. මේ තත්ත්වය ද්‍රව – අයිස් නිධි දිගු කලක් ස්ථාවරව පැවතීමට සුදුසු පරිසරය සකසයි.

සඳේ දක්ෂිණ ධ්‍රැවයෙහි අයිස් ඇති බවට අනියමින් කෙරුණු හඳුනාගැනීම්වලට මේ ප්‍රතිඵලයෙන් සහයක් ලැබී ඇත.

චන්ද්‍රයාගේ මතුපිට එනම්, පළමු මිලිමීටර කිහිපය තුළ ප්‍රමාණවත්ව අයිස් තිබේ නම්, අනාගතයේ මිනිසා සඳට යැවෙන මෙහෙයුම්වලදී සම්පතක් වශයෙන් ජලය ලබාගැනීමේ ඉඩකඩක් ද පැවතිය හැක.

බුධ ග්‍රහයාගේ උත්තර ධ්‍රැවයේ මෙන්ම සීරස් නම්වූ කුරු ග්‍රහයා වැනි සෞර ග්‍රහ මණ්ඩලයට අයත් තැන්වල ද මතුපිට ඇති ද්‍රව අයිස් සොයාගෙන තිබේ.

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top