අපි හැමෝටම අමිහිරි මතකයන් තිබෙනවා. එය සාමාන්යය දෙයක්. එසේ නොමැති පුද්ගලයෙක් මේ ලෝකේ කොහෙවත් නැති තරම්. හැබැයි අපි මේ අමිහිරි මතකයන් එක්ක හැමදාම ජිවත් වෙන්නේ නෑ. ඒ ජිවිතයේ ඉදිරියට යා යුතු නිසා.

අපි මනසින් සිතනවා. හැම වෙලේම… මනසට අදහස් හැමවෙලේම ගලාගෙන එනවා. ඒ අදහස් ගැන ඔබ නිකමට සිතන්න. ඒ අදහස් වලින් සමහරක් අවස්ථාවලදී පමණක් අපේ අමිහිරි මතකයන් අපට දුකක් ඇතිකරනවා. හැබැයි බොහොමයක් අවස්ථාවලදී අපේ සිතුවිලි දුකක් හෝ සතුටක් ඇති නොකරන බොල් සිතුවිලි. ඉතින් ඔබ සිතන්න.. අපේ සිතුවිලි හැම වෙලේම අපේ අමිහිරි මතකයන් වලින් පිරුනොත් අපි නවතින්නේ මානසික රෝගීන් වෙලා. ඒ නිසා ස්වාභාධර්මයෙන්ම අපට මේ අපේ අමිහිරි මතකයන් අමතක කරන්න පොඩි යාන්ත්රණයක් මොළය තුල සකස් කර දී තිබෙනවා.
මේ යාන්ත්රණය ගැන කේම්බ්රිජ් විශ්ව විද්යාලයේ මහාචාර්යය මයිකල් ඇන්ඩර්සන් ඇතුළු පර්යෙෂණ කණ්ඩායමක් විසින් සොයාගැනීමක් සිදු කොට තිබෙනවා. මේ ලිපියේ ඉඩ කඩ මම වෙන් කලේ ඒ සොයාගැනීම ගැන ඔබව දැනුවත් කරන්නට.
මෙම පර්යේෂණය සඳහා පර්යේෂකයන් විසින් මනසින් නිරෝගී පුද්ගලයින් යොදාගෙන තිබෙනවා. එම පුද්ගයින් හට මෙම පර්යෙෂණ කණ්ඩායම එකිනෙක සම්බන්ධතාවක් නොමැති වචන දෙක බැගින් ලබා දී තිබෙනවා.
උදා :- කුඩය සහ කන්නාඩිය
ඉන් පසුව මොවුන් ඉදිරියේ තිරයක් සකසා ඔවුනට මේ වචන පෙනෙන්නට සැලස්වූවා. නමුත් ඔවුනට අපූරු ආකාරයකට මේ වචන ගැන සිතන්න කියල ඒ පර්යේෂණ කණ්ඩායම උපදෙස් ලබා දී තිබෙනවා. එය නම් කුමක් හෝ වචනයක් කොළ වර්ණයෙන් තිරය මත දිස්වුවහොත්, එම වචනය ගැන සිතන ලෙසත් සහ එම වචනය රතු වර්ණයෙන් දිස්වුවහොත් එම වචනය ගැන නොසිත, එම වචනය හා සම්බන්ධ සිතුවිලි සියල්ල අමාරුවෙන් හෝ යටපත් කරන ලෙසත්.
කෙසේ වුවත් තමන් ඒ සිතුවිලි යටපත් කිරීමට උත්සහ කලද, එම තිරයේ ඇති රතු වර්ණයෙන් ඇති වචනය දෙස ඇස් යොමුකරගෙන සිටිය යුතු බවත්, කිසිසේත්ම තිරයෙන් ඉවතට තම ඇස් යොමු නොකළ යුතු බවත් උපදෙස් ලබා දුන්නා.
උදා :- කුඩය යන වචනය තිරය මත කොළ වර්ණයෙන් දිස්වුවහොත්, එම වචනය හා සම්බන්ධ වූ සිතුවිලි ( කුඩයේ පාට, වැස්සක කුඩයක් ඉහළා යන විදිහ, මුලින්ම මිලදීගත් කුඩය) තමන් කැමති පරිදි ,ඕනෑම දෙයක් ඔවුනට සිතන්නට අවස්ථාව ලැබෙනවා. නමුත් කුඩය යන වචනය රතු පාටින් දිස්වුවහොත් ඔවුනට කුඩය ගැන කිසිවක් සිතන්නට බැ. අනෙක් දෙය නම් මේ අතරතුර රතු වර්ණයෙන් දිස්වන “කුඩය” යන වචනය දෙසින් ඉවතට ඔවුන්ගේ දෑස යොමු කරන්නට හැකියාවක් නෑ . එය ඉතා අමාරු කාර්යයක් වුවත් ඔවුනට උපදෙස් ලැබුනේ කෙසේ හෝ කුඩය පිළිබද සිතුවිලි යටපත් කර ගන්නා ලෙස.
මේ අතරතුර පර්යේෂණයේ නියතු පර්යේෂකයන් විසින් මෙලෙස පර්ෂයේණයට භාජනය කල පුද්ගලයින්ගේ මොලයේහි ක්රියාකාරිත්වය න්යෂ්ටික චුම්භක අනුනාද ( Nuclear magnetic resonance) නැතිනම් MRI යන්ත්රයක් මගින් විශ්ලේෂණය කරනු ලැබුවා. එහිදී ඔවුනට මෙම පුද්ගයින්ගේ මොළයේ රසායනික ක්රියාවලිය මැනවින් අධ්යනය කරන්නට අවස්ථාව ලැබුන.
මිනිස් මොළයේ ඉදිරිපස ප්රදේශයෙහි Prefrontal cortex නමැති කොටසක් තිබෙනවා. මෙම කොටසින් අපගේ ශරිරියේ බොහෝ ක්රියාවලියන් පාලනය කරනු ලබනවා.

මෙම කොටසින් මොළයේ ඇති අපේ චලනයන් සමායෝජනය සිදුකරන Motor cortex යන කොටසත්, සිතිවිලි සමායෝජනය සිදු කරනු ලබන හිපොකම්පස් (Hippocampus) නමැති කොටසත් පාලනය කරනු ලබනවා.


ස්නායුන් එකිනෙක අවේග සම්ප්රේෂණය කරනු ලබන්නේ උපාගමය (Synaps) නමැති ස්නායු සම්බන්ධකය හරහා සිදුවන රසායනික හුවමාරුව (neurotransmitters) මගින්. එමගින් එක් ස්නායුවක්, අනෙක් ස්නායුව උත්තේජනය කරනු ලබනවා. නමුත් මෙම ස්නායු මගින් නිපදවෙන ඇතැම් රසායනික, ස්නායු උත්තේජනය වැලැක්වීම සිදුවෙනවා. ගැමා ඇම්යිනොබ්යුටරික් අම්ලය ( Gamma aminobutyric acid) හෙවත් GABA නමැති රසායනිකය ඉන් විශේෂයි.
මෙම GABA නමැති රසායනිකය මොළයේ Hippocampus කොටසෙහි ආවේග සම්ප්රේෂණය අවම කරනව. Hippocampus කොටසින් මොළයේ සිතිවිලි යාමනය සිදු වන නිසා GABA මගින් ආවේග සම්ප්රේෂණය අවම කොට අමිහිරි මතකයන් සිතුවිලි තුලට ගලා එම පාලනයවීම සිදුවෙනවා. නමුත් GABA රසායනිකය Hippocampus තුල අඩු ප්රමාණයක් අන්තර්ගත වුවහොත්, Hippocampus තුල අවේග සම්ප්රේෂණය පාලනයකින් තොරව සිදුවෙනවා.
මෙලෙස අධි ක්රියාකාරී වන මෙම කොටස පාලනය කිරීමට prefrontal cortex නමැති කොටසට නොහැකි වෙනවා. මෙය අධි ක්රියාකාරී හිපොකම්පස් (Hyperactive hippocampus) තත්වයක් යැයි ඔවුන් හදුන්වනවා. මේ තත්වය හමුවේ අමිහිරි මතකයන් පාලනයකින් තොරව සිතිවිලි හා සම්බන්ධවන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
මෙලෙස Hippocampus හි GABA රසායනය අවම වීමෙන් කනස්සල්ල (Anxiety), මානසික අවපීඩනය (Depression), හිනොන්මාදය (Schizophrenia) වැනි මානසික තත්වයන් ඇතිවිය හැක. බොහෝ පර්යේෂකයින් පවසන පිරිදි මෙම මානසික තත්වයන් යටතේ සිටින බොහෝ අයගේ මොළයේ ක්රියාකාරිත්වය විශ්ලේෂණයෙන් hyperactive hippocampus දැකගත හැක.
යාළුවන්ටත් බලන්න share කරන්න
උපුටා ගැනීමකි ප්රගීත විමලචන්ද්ර