ක්‍රිඩා

චන්දිමාල් වැරදිකරු කරයි.හතුරුසිංහට හා ගුරුසිංහටත් චෝදනා

දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ලක්වූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය තහනම් කිරීමට පියවරගත් බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව ඊයේ (19 වැනිදා) පැවසීය. තරග තහනමට අමතරව තරග මුදලෙන් 100්‍ර දඩයක් ගැසීමටද අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගත්තේය.

Image result for CHANDIMAL

ශාන්ත ලුසියාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ විඩියෝ දර්ශන නැරඹීමේදී චන්දිමාල් වම් සාක්කුවෙන් ගත් පැණිරස දෙයක් කටේ දමා හැපීමෙන් පසු තත්පර කිහිපයකදී පැණිරස මිශ්‍ර ඛෙටය ඇගිලිවලට ගෙන පන්දුව පිරිමදින ආකාරයක් දැකගත හැකිවිය.

මෙම සිදුවීමේ සාක්‍ෂී සලකා බැලීමේදී චන්දිමාල් විසින් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිතී සහ රෙගුලාසී වලට පටහැනිව යමින් පැණිරස මිශ්‍ර ඛෙටය උපයෝගී කරගනිමින් පන්දුව පළුදු කිරීමට උත්සහයක් ගෙන ඇති බව තරග තීරක ජවගල් ශ්‍රීනාත් මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Image result for CHANDIMAL HATHURUSINHA

“තමන් කිසියම් දෙයක් මුවතුළ රුවාගත් බව පරීක්ෂණය පැවැත්වෙන අවස්ථාවේදී චන්දිමාල් පිළිගත්තේය. එහෙත් ඒකුමක්ද යන්න තමන්ට කල්පනාවක් නැති බවත් චන්දිමාල් කීවේය. එහෙත් මා සිතන ආකාරයට එය තමන්ගේ ගැලවීම සඳහා ඉදිරිපත් කරන ලද තහවුරු කළ නොහැකි ප්‍රකාශයකි. කෙසේ වෙතත් එය කෘතිම යමක් වනබවට ඇති සාක්ෂිය චන්දිමාල්ගේ ප්‍රකාශයෙක් තහවුරු වෙයි ”ුමෙම සිදුවීම සම්බන්ධයෙන් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමණාකරු අසංක ගුරුසිංහ යන මහත්වරුන් ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා නොකරමින් ඊට පටහැනිව කටයුතු කළ බවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් චෝදනා නගා ඇත.

ඒ අනුව ඔවුන්ටද ඉදිරියේදී තරග තහනම් කිරීමට තීරණය කර ඇත

මොවුන් තිදෙනාගේ රංගනය හේතුවෙන් තෙවැනි දිනයේ උදෑසන ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට නොපැමිණිම හේතුවෙන් තරග ආරම්භය පැය දෙකකට ආසන්න කාළයක් ප්‍රමාදවිය.

මේ තිදෙනාගෙන් කිසිවකු වැරදිකරු නොකළහොත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ 5.2 වගන්තියට අනුව එම කාරණය තීරණය කිරීම සඳහා එහි විධායක කමිටුවේ අනුග්‍රහයෙන් කොමිෂන් සභාවේ විනිශ්චය කරුවකු පත්කරනු ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top