දැනුම

අන්තර්ජාලයේ ගැඹුරුම තැන ගැන ඔබ නොදත් රහස්

දැන් කාලෙ අපිට මොකක්හරි තොරතුරක් දැනගන්න ඕන වුණාම ‘ගූගල් දෙයියා’ සිහිපත් කරන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. ඒ කියන්නෙ අපට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සෙවුම් යන්ත්‍රයක පිහිට, ආධාරය ලබා ගැනීමට අපි පුරුදු වෙලා.

ගැඹුරු අන්තර්ජාලය (the Deep Web) යන්න සාමාන්‍යයෙන් සැඟවුණු අන්තර්ජාලය (Hidden Web) හෝ අඳුරු අන්තර්ජාලය (Dark Web) හෝ අදෘෂ්‍යමාන අන්තර්ජාලය (Invisible Web) යන නම් වලින්ද හඳුන්වනවා.

මොකක්ද මේ ගැඹුරු අන්තර්ජාලය කියලා කියන්නේ?

Image result for the Deep Web

ගැඹුරු අන්තර්ජාලයත් අප සාමාන්‍යයෙන් භාවිතා කරන අන්තර්ජාලයේම කොටසක්. නමුත් මෙම ගැඹුරු කොටසේ ඇති වෙබ් පිටු හෝ තොරතුරු සාමාන්‍ය සෙවුම් යන්ත්‍ර වලින් ලැයිස්තුගත කරගෙන අප විසින් සෙවීමක් සිදු කරන විට පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම මේවාට අප සාමාන්‍යයෙන් භාවිතා කරන වෙබ් බ්‍රවුසර් යොදාගෙන පිවිසෙන්නත් බැහැ. ඒ අනුව අන්තර්ජාලය කියන්නෙ මහා සාගරයක් නම්, ගැඹුරු අන්තර්ජාලය කියන්නෙ සාගරයේ තිබෙන මරියානා අගාධය වගේ තැනක්. අපි මෙච්චර කල් අපි ගොඩක් දෙනෙක් වෙරළේ තියන සිප්පි කටු ඇහිඳිනවා වගේ දේවල් තමයි අන්තර්ජාලය ඇතුලේ සිදු කරලා තිබෙන්නේ.

නමුත් අන්තර්ජාලයේ මේ කොටසට යන්නත් ක්‍රම තියෙනවා. එ්කට විශේෂිත අමතර මෘදුකාංග අවශ්‍ය වෙනවා. මේ විදිහට අපිට පිවිසෙන්න තිබෙන තොරතුරු බොහෝමයක් නීති විරෝධී දේවල් ගැන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අර්ධ වශයෙන් නීත්‍යානුකූල දේවල් තමයි දකින්න ලැබෙන්නේ.

ගැඹුරු අන්තර්ජාලයේ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් සෙවිය හැකියි. ඒ අතර නීති විරෝධී අසභ්‍ය දර්ශන, නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳුන්ගේ ක්‍රියාකාරකම්, මිනීමැරුමක් සිදු කිරීමට අවශ්‍ය කුලී මිනී මරන්නන් ඉතා පහසුවෙන් සහ අඩු මිලට මෙහිදී ලබා ගැනීමට තිබෙනවා. ඒ වගේම මුදල් ලබාගෙන කෙනෙක් විසින් තවත් අයෙකු මරණයට පත් කිරීම වැනි සංවේදී අවස්ථා සජීවී ආකාරයෙන් දැකගත හැකියි.

Related image

උදාහරණයක් විදිහට මේ වගේ මිනී මැරුමක් සජීවී අයුරින් ප්‍රචාරණය කරන විට එය නැරඹීමට මුදල් ගෙවීමට අවශ්‍ය වෙන්නේ නැහැ. එම දර්ශනයේ ‘අධ්‍යක්ෂ’ විසින් අදාළ මුදල් ගෙවීම සිදු කර පුද්ගලයෙකු මරණයට පත් කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කරනවා. සමහරවිට එවැනි වීඩියෝවක් සඳහා ‘අධ්‍යක්ෂ’ විසින් පැයකට $1,000 ත් $5,000 ත් අතර පමණ මුදලක් ගෙවිය යුතු වෙනවා.

Related image

Image result for the Deep Web dog

සත්ව හිංසනය සහ දුර්ලභ සතුන් වෙළඳාම මෙම ගැඹුරු අන්තර්ජාලය තුළ සුලභ සහ බොහෝ ඉල්ලීම් සහිත දෙයක් ලෙස සැළකිය හැකියි. මේවා “crush porn” ලෙස හඳුන්වන අතර ඒ සඳහාම වෙන් වූ විශාල සාමාජික සංඛ්‍යාවක් සහිත දත්ත පද්ධති සහ ෆෝරම දැකගත හැකියි. සමහර අවස්ථාවල නිරුවත් කාන්තාවන් විසින් හාවුන් වැනි සුරතල් සතුන් අත් වලින් හෝ පයින් පාගා පොඩි කර මරා දමන දර්ශන පවතින බව කියැවෙනවා.

නමුත් මේ වගේ නරක දේවල් ඒ ආකාරයෙන්ම කරගෙන යාමට ඇමෙරිකානු රජය ඉඩ දෙන්නේ නැහැ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධව ඇති ‘සේද මාවත’ යනුවෙන් හඳුන්වන ප්‍රසිද්ධ වෙබ් අඩවිය වැනි වෙබ් අඩවි සහ ඉහත ආකාරයේ සජීවී වීඩියෝ දර්ශන පටිගත කරන අධ්‍යක්ෂක වරුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ආරංචියි.

මෙච්චර නරක දේවල් තියන අන්තර්ජාලයේ පාතාලය කරා අපි යන්නේ මොකටද?

Related image

ඕව අපිට හොයලා බලන්නවත් අවශ්‍ය දේවල් නෙවෙයිනේ. ඔවු, ඔබ අනිවාර්යයෙන්ම එලෙස විමසාවි. ඔබ වගේ ගොඩක් දෙනෙක්ට ගැඹුරු අන්තර්ජාලය තුළ නීති විරෝධී දේවල් ගවේශණය කිරීමට කිසිදු උවමනාවක් නැහැ. ඒ වගේ දේවල් කරන්න පෙළඹෙන්නේ මනස විකෘති වෙච්ච උදවිය කියලා අමුතුවෙන් හඳුන්වන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මෙම ලිපියේ ඉහත සඳහන් දේවල් අත්හදා බැලීමට හෝ සෙවීමට නොයන ලෙස ඉල්ලීමක් කරන අතර එම තොරතුරු සඳහන් කර ඇත්තේ අධ්‍යාපනික පදනමකින් සැළකීම සඳහා පමණක් බවත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

ගැඹුරු අන්තර්ජාලයේ පවතින සෑම දෙයක්ම නීති විරෝධී නැහැ. නමුත් ඉතින් නරක තැනක් කියලා හංවඩු ගැහිලා තියෙන්නේ වැඩිපුර නීති විරෝධී දේවල් තියෙන නිසා කියලා හිතන්න පුළුවනි.

සමහර ආයතන වලට සහ පුද්ගලයින්ට අවශ්‍ය වෙනවා තමන්ගේ රහස් තොරතුරු රජයට හෝ පුද්ගලයින්ට අනාවරණය වීමෙන් වැළකීමට, වෙළඳපලේ මිලදී ගැනීමට නොමැති දුර්ලභ පොත් පත් ලබා ගැනීමට, මාර්ග සිතියම් පෙන්වන වෙබ් අඩවි, ගබඩා පාලනය සිදු කළ හැකි වෙබ් අඩවි වගේ දේවල් ප්‍රයෝජනවත් අවස්ථා විදිහට සළකන්න පුළුවනි. ඒ වගේම විද්‍යාඥයින් වගේ අය තමන්ගේ පර්යේෂණ සම්බන්ධ කටයුතු සහ ඒවායේ රහස් තොරතුරු ගබඩා කිරීම සඳහාත් අන්තර්ජාලයේ මේ කොටස භාවිතා කරනවා.

Image result for the Deep Web wikileaks

මෙහිදී ඔබට සම්පූර්ණ නිර්නාමික බවක් (ඇනෝ) ලැබෙනවා. ඒ අනුව ඔබ හොඳින්ම දන්නා සහ ගැඹුරු අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවියක් ලෙස විකීලීක්ස් වෙබ් අඩවිය සඳහන් කිරීමට හැකියි.

 

අනික් වැදගත්ම කාරණාව තමයි අන්තර්ජාලයේ ඇති තොරතුරු වලින් වැඩිම ප්‍රමාණයක් පිහිටා තිබෙන්නේ මෙම කොටසේයි. හරියට පහළ රූපයෙන් පෙන්වා තිබෙනවා වගේ ගැඹුරු මුහුදේ පාවෙන අයිස් කන්දක් වගේ.

ඉතින් ඔබටත් ගැඹුරු අන්තර්ජාලයට පිවිසීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා භාවිතා කරන්න පුළුවන් ප්‍රසිද්ධ මෘදුකාංගයක් Tor project ලෙස හඳුන්වනවා. එම මෘදුකාංගය භාවිතයෙන් ඔබගේ සම්පූර්ණ රහසිගත භාවය සහිතව අන්තර්ජාලයට පිවිසීමට හැකියි. කෙසේ නමුත් ඔබගේ සහ ඔබේ තොරතුරු වල ආරක්ෂාව පිළිබඳව විශේෂ සැළකිල්ලක් දක්වමින් මෙම අන්තර්ජාල කොටසින් ප්‍රයෝජන ලබා ගැනීම සිදු කළ යුතු බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුයි.

 

යාළුවන්ටත් බලන්න SHARE කරන්න

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top