දැනුම

ගැහැණියක් යනු කැත විහිළුවක් කියා ඔබට සිතෙනවාද ? එහෙනම් මේ සටහන ඔබ කියවිය යුතුමයි

ගැහැනිය
———

Image result for අම්මා

අපෝ ඕකුන් යන්නෙම සල්ලි පස්සේ.සල්ලි පෙන්නුවොත් ඕන තැනක රෙද්ද උස්සයි.

ඕකි පෙන්නන්නෙනං පත්තිනි අම්මල කියල.ඒ උනාට හෙන බඩ්ඩක් බං.වටේ යනව.

පෙට්ටිය කැඩුනට පස්සෙ කවුද බං උන්ව ගනන් ගන්නෙ.

වට්ටි අම්මල වගේ කියවන්ඩ විතරයි බං පුළුවන්.කන්කරච්චලේ.

ඊයා බං උන් නාන්නෙත් නෑලු නේ.ජරා ගොඩවල්.

මොකද කියහන් කෝච්චිවලට ගෑනු නං දාන්නෙ.යකෝ දෙගොල්ලන්ටම මාසෙට පාරක් ලීක් වෙනවනෙ.

👆ඉහත එකක්වත් මගේ වචන නොවේ.සමහර පිරිමින්ගේ හරි අහිංසක විහිළු කතාය.විහිළුවකින් කිසිවෙක් අපහසුතාවයට පත් නොවෙන්න ඕනෑ බවවත් විහිළුවක අන්තිම කෙලවරදී උපදින්නේ පිළිකුල බවත් මං හිතන විදිහට ඔය විහිළුකාර උත්තමයෝ දන්නේ නැත.

අම්මාට මුකුත් කීවොත් “$#@÷/&^ තෝව කෑලි කෑලි කපනව” කියන අයත්අ අක්කාට හෝ නංගීට වචනයක් කියනවා ඇහුනත් හරීයට රිදෙන අයත් බොහෝ විට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන්නේ “ගෑනු කියලා මං විශේෂ කරල ගරු කරන්නෑ බං.ගෑනු උනත් පිරිමි උනත් මොකා උනත් එකයි මට” කියලාය.අනේ ඉතින් ගෑනු කියලා අපිට ගරු කරපල්ලා කියා අපි එකේකාගේ දෙපා මුල වැටෙන්නේ නැත.

මොන දහ ජරා වැඩේ කලත් අපි ගෑනු හන්ද අපිට සලකපල්ලා කියා කියන්නේත් නැත.ඒත් මේ ලෝකේ අමාරුම ජීවිත ගෑනු ජීවිතය.ගෑනු ජාතිය ගලේ ගහලා මරන්න ඕනේ ජරා ජාතිය හන්දා නොවේය.උන් ජීවිත කාලය පුරාවටම විදින දුකෙන් මුදාගන්නටය.

උපන්දා ඉදන් කෙල්ලන්ව රකින්න ඕනෑය.කෙල්ලක් කියන්නේ ගෙදරකට බරක් කීවොත් අමූලික බොරුය.කෙල්ලක් කියන්නේ අම්මෙක්ට තාත්තෙක්ට ජීවිත කාලයේම බයෙන් ඉන්නට හේතුවන බරකටත් වඩා බරකි.කොයි මොහොතේ මොකා මොනවා කරයිද විශ්වාස නැත.ජම්බු ගහෙන් බිමට පත බෑවුන දා ඉදන් ඇහේ මූණේ තියන් රැකිය යුතුය.හොර වැඩ ඇල්ලිය යුතුය.කොල්ලන්ට රැවටෙන්නට හෝ කොල්ලන් රවට්ටන එකියක් නොවෙන්නට ඒ ජීවිතය පාට කල යුතුය.

ඉතින් ගෑනු අපි එදා ඉදන් ආදරේ පිරිච්ච නිවාස අඩස්සියක රස්තියාදු ගහන්න ඕනෑ,රෑ වෙනකං එලියෙ ඉන්න ඕනෑ නොකියා අම්මලාගේ අතේ එල්ලී ඉන්න ඕනෑය.වැඩිහිටි උපදෙස් අහන්න ඕනෑය.බොහෝ නිවෙස්වල නම් අනාගතේ බදින එකාට හොද ගෑනියක් වෙන්න ඉගනගන්න ඕනෑය.

කෝච්චියෙන් නං ලීක් වෙන්නේ තෙල්ය.ඒත් ගෑනුන්ගෙන් අමු ලේය.මාසෙකට පාරක් ගර්භාෂ බිත්තිය කැඩිලා ලේ යන එක හෙන ලොලි පොප් සීන් එකක් නෙවේය.ඔය දවසට කෙල්ලන් බඩ තද කරන් අඩන හැටි,කලන්තේ හැදී වැටෙන හැටි දන්නේ කෙල්ලන්ය.අපිට මෙන්සස් හැදුනා කියා විභාග නොලියා,පන්ති හෝ ඉස්කෝලෙ නොගිහින් මෙඩිකල් දෙන්න බැරිය.ඉතින් පැනඩෝල්,මෙෆන් බීගන අපි අමාරු හංගාගෙන හිනාවෙලා ඉන්නෙමු.

ගෑනු කොච්චර මීටර් උනත් ආදරය පැත්තෙන් අමු ගොන් ගස්ය.සමාව දීමේ විශේෂඥයෝය.ආදරය කරන එකා ගැන හිතන්නේ මූ නැත්නං මගෙ පෙනහලු වැඩ නොකර මාව මැරිලා යයි කියලාය.මොන දහපදුරා වැඩේ කලත් පිරිමි හිතන්නේ සමාව ඉල්ලූ විට ගෑනු උන්ව කහ වතුරෙන් නාවලා,කපුරු දුම් අල්ලලා ගෙට වැඩැම්මිය යුතුය කියාය.

පලවෙනි ආදරයක් වැරදී ගිය එකියක් දෙවනි ආදරයක් පටන් ගන්නේ පණ බයෙන්ය.ඒකාත් වැරදිලා මනුස්සයෙක් උන එකෙක් උනොත් ඒකි ඉවරය.එතන ඉදන් මොකා එක්ක යාලු උනත් ඕකි බඩ්ඩය.පිරිමින් විසින්ම ජීවිතය කුඩු කර දැමූ කල එතන වැටී නොඉද වැටුන තැනින් නැගිටලා ජීවිත් වෙන එකිය වටේ ගිහින් පත්තිනි පාට් දාන එකියක්ය.ඉවසා ගන්නට බැරිම දේ පිරිමි කට වහන් උන්නත් ගෑනුම ගෑනුන්ට කෙලවන එකය.

පිරිමින්ට දරුවෝ ලැබුනා නං බොහෝ විට මෙලහට මිනිස් ජාතිය වදම වෙලාය.ගෑනුන්ට මොන දුක වින්දත් ලැජ්ජා නැත.ජීවිතේම දරුවන් වෙනුවෙන් දෙන්න පුළුවන් ගැහැණියක්ට විතරය.යන්තං තිහ තිස් පහ පනිද්දී සැමියාටත් වඩා වැහැරී යන බව දැන දැනම දරුවන් පස් හය දෙනා වදන්නේ ගෑනුන්ය.පිරිමියෙක් නං එකෙක් හම්බවෙන්නට විදපු දුක මතක් කර අනේ නටන්නැතුව ඉදහන්.ආය ලමයි ඕන්නෑ කියනවාට සැක නැත.ලමයි හම්බවිල්ල පිරිමින්ට නොදී ගෑනුන්ට දී ඇත්තේ ඒකය.

වට්ටි අම්මලා වගේ කියවනවා කියා බනින උන්ම අනේ කියුට් ගිරවියක් වගේ කියෝනව කියා කෙල්ලෝ එක්ක හොරෙන් හුරතල් වෙන එක බඩ අල්ලාගෙන හිනා වෙන්න ඕනෑ දෙයකි.ආදරෙන් අන්ධ වී,ගොලු වී,බීරි වී මදිවාට ඔලුවත් නරක් වී මන්ද මානසිකයෝ වෙන්නේ ගෑනුය.මදන විසේට හෝ නැටිල්ලට ජීවිතේම අනාගන කටේ දාගන්නා ගෑනු සුලුතරයක් මැද්දේ බහුතරය හිතන්නේ තමන්ගේ ආදරවන්තයාට සබ්බ සකලමනාවම දෙන්නය.

අවුරුදු ගනන් දකින්නටවත් නැතුව ආදරේ කරන කොල්ලන් ඉන්නා ලෝකෙක,රූම් යන්න අඩ ගැහුවාම කනට දෙකක් දී තොට ඕන්නං පල කියා ජීවිතෙන්ම එලවා දාන්න බැරි නම් එක අතකට ඒ ගෑනුන්ට කශේරුකාවක් නැත.ඒත් ඒ කශේරුකාව ලැබෙන්නේ සමාජයේ හැල හැප්පීම්වලට ලක්වුණු හෝ පොතින් පතින් හෝ ඒ පරිණතබාවය ලැබුනු ගැහැණියක බවද අමතක කරන්නට බැරිය.

අම්මලා ගාව සැපට හැදුනු කෙල්ලක් දුක් විදින්නට කැමති වෙන්නේ නැත.ඒ නිසා ඇත්තටම ආදරයක් තියනවා නම් කෙල්ලට දුකක් නොදෙන්නට පුළුවන් තැනකට තමුන් ඇවිත් ඉන්නා එක, සල්ලි පෙන්නුවොත් ගෑනු රෙදි උස්සනවා කියන එකට වඩා හොදය.

මේ කීවේ දුප්පත් කොල්ලෙක්ට බලාපොරොත්තු දී සල්ලි තියන අත්තක් අහුවුන කල පරණ එකාට විරිත්තන එකියන් ගැන නොවේය.උපන්දා ඉදන් ආදරය කල මව පියා හා සියලු දේ අතහැර ඔබව විශ්වාස කර දවසක ඔබ ලගට එන්නේත් පිරිමියෙක් නොව ගැහැණියක්ය.

ඉතින් තවමත් ගෑනු ජීවිතයක් කියන්නේ සම්පූර්ණයෙන් කැත විහිළුවක් කියා හිතනවා නම් ඔබට වැරදී ඇත..
ගරු කිරිලි ඕනෑ නැත. අඩු ගානේ ඔබ උපන්දා සිට මවගේ පටන් ඔබ වෙනුවෙන් විවිධ ස්වරූපයෙන් ඔබ වෙනුවෙන් කැප වෙන ඒ ජීවිත යන්තමටවත් තේරුම් ගත්තා නම් හොදටම ඇතිය..

සටහන_ චරිතා බණ්ඩාර 👌

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top