අයි.පී.එල් ක්රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර ඊයේ පැවත් වුනි.

කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම කණ්ඩායමට ආරාධනා කළේය.
නායකත්වයෙන් ඉවත්වූ ගෞතම් ගාම්බීර් වෙනුවට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ශ්රීයාස් අයියර් විසින් මෙහෙයවනු ලබයි.
ආරම්භයේ සිට සුපිරි පිතිහරඹකින් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම වැඩ පටන් ගත්හ වොට්සන් ආරම්භයේ සිට පිටිය හයේ පහරවල් වලින් වර්ණවත් කලහ.

සුපිරි ඉනිමක් ක්රීඩා කළ පන්දු වොට්සන් 40 කදී ලකුණු 78 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 සමගිනි.
නැවතත්නායකත්වයේ ඉනිමක් ක්රීඩා කළ දෝනි පන්දු 22 කදී නොදැවී ලකුණු 51 ක් රැස්කළේ දැවැන්ත හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.
ලොව සුපිරිම captain cool දොනි බව නැවතත් ලොවටම පෙන්වා දෙමින් සුපිරි ඉනිමකින් පිිටිය චෙන්නායි කණ්ඩායම වර්ණවත් කලහ.
රයිඩු පන්දු 24 කදී හයේ පහර 1 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 41 ක් ලබා ගත්හ චෙන්නායි කණ්ඩායම කොදු නාරටිය විය. එෆ් ඩු ප්ලෙසිස් පන්දු 33 කදී හයේ පහර 1 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 33 ක් ලබා ගත්හ.
ඒ අනුව චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 211 ක් ලබා ගත්හ.
ජයග්රහණය සදහා ලකුණු 212 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී රැස් කරගත හැකිවුයේ ලකුනු 198 පමණි ලකුනු13 කින් චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම ජය ගත්හ.
ඩෙවිල්ස් කණ්ඩායම මැක්ස්වෙල් ශ්රීයාස් අයියර් අසාර්තක විය ආර්. පන්ට් පන්දු 45 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 79 ක් ලබා ගත්හ ඩෙවිල්ස් කණ්ඩායම කොදු නාරටිය විය ආර්. පන්ට් සුපිරි ඉනිමක් දියත් කලහ තරගය අත් හැර දැම්මේ නම් නැත.
සුපිරි සහයක් දුන්න ශංකර් පන්දු 31 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 1 ක් සමග ලකුණු 54 ක් ලබා ගත්හ තරගය අන්තිම පන්දුව වෙන තෙක් සුපිරි සටනක් දීමට ශංකර් ඉනිමක් දියත් කලහ.
කෙසේ වෙතත් සුපිරි තරගයක් දීම ට ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.
ලකුනු සටහනේ නැවතත් එක වීම්ට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම මේ අනුව සමත් විය පහතින් නරඹන්න’

තරගයේ වීඩියෝව මෙතනින් නරඹන්න