News

නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙති

ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය යළි දිවුරුම් දීම අද (1) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදු විය.

මෙය අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නොව අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමක් ලෙස රජය මීට පෙර කියා තිබුණි.

ඒ අනුව අද ඇමැතිවරු 18 දෙනෙක් දිවුරුම් දුන්හ.

ශ්‍රීලනිප සහ සන්ධාන මහ ලේකම්වරුන් දෙදෙනා ද ඒ අතර වූහ. සන්ධාන මහ ලේකම්ට හිමි වූයේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා දරමින් සිටි කෘෂිකර්ම අමාත්‍ය ධුරයයි.

දුමින්ද දිසානායක මහතාට දිවුරුම් දුන්නේ මෙතෙක් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසය.

අාපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා දෝෂාභියෝගයෙන් පසු යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය.

 

ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

 

මහින්ද අමරවීර – කෘෂිකර්ම ඇමැති

 

සරත් අමුණුගම – විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය

 

එස් බී නාවින්න – අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

 

දුමින්ද දිසානායක – වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ අාපදා                                            කළමනාකරණ අමාත්‍ය

 

කබීර් හෂීම් – අධිවේගී මාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය

 

පී හැරිසන් – සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

 

තලතා අතුකෝරල – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

 

ෆයිසර් මුස්තාපා – ක්‍රීඩා අමාත්‍ය , පළාත් පාලන සභා සහ පාලන අමාත්‍ය

 

රංජිත් මද්දුමබණ්ඩාර – රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය , නීතිය හා සාමය අමාත්‍ය

 

විජිත් විජිතමුණි සොයිසා – ධීවර අමාත්‍ය සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

 

ඩී එම් ස්වාමිනාදන් – පුනරුත්තාපන,නැවත පදිංචිකිරීමේ,උතුරු සංවර්ධන සහ හින්දු ආගමික                                 කටයුතු අමාත්‍ය

 

සාගල රත්නායක – ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

 

මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය

 

දයා ගමගේ – සමාජ සුභසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

 

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා – තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

 

විජයදාස රාජපක්ෂ – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

 

රවීන්ද්‍ර සමරවීර – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top