News

මිලියන 102 ක් වියදම් කර නවීකරනය කල දුම්රිය දවස් 4 න් විනාශ කල අපේ මිනිස්සු

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර – මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.

මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක‍්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.

මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.

දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය.

උපුටා ගැනීම citizen.lk

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top