News

අප්‍රේල් පෝය වෙසක් ලෙස සැමරීම මහා විහිළුවක්

අප්‍රේල් පෝය වෙසක්‌ ලෙස යොදා ගැනීම මහා විහිළුවක්‌ !

Image result for අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි

ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය මෙන්ම සියලු බෞද්ධ රටවල්වල 2018 වෙසක්‌ පෝ දිනය මැයි 29 පසළොස්‌වක පෝ දිනයට යෙදී තිබියදී ශ්‍රී ලංකාවේ වෙසක්‌ පෝ දිනය අප්‍රේල් 29 වැනිදාට යොදාගෙන තිබීම මහා විහිළුවකැයි සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය අනුනායක ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියෝ පැවසූහ.

Image result for වෙසක්

මැයි මාසයට යෙදෙන පසළොස්‌වක පෝ දිනය වෙසක්‌ පෝ දිනය ලෙස සැලකීමටත් මැයි මාසය වෙසක්‌ මාසය ලෙස පිළිගැනීමටත් ශ්‍රී ලංකාවාසීන්ගේ සාම්ප්‍රදායට පිටුපා මෙවර වෙසක්‌ පෝ දිනය අප්‍රේල් මස පසළොස්‌වක පෝ දිනට යොදා ගැනීම කිසිසේත්ම සිදු නොවිය යුත්තක්‌ බව විජිතසිරි අනුනායක හිමියෝ පෙන්වා දුන්හ.

බුදු රජාණන්වහන්සේ වෙනුවෙන් බෞද්ධ ජනතාව පින් දහම් සිදුකොට බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් කැපවන වෙසක්‌ පුන් පෝ දිනයද තම තමන්ගේ හිතු මතයට වෙනස්‌ කිරීම උචිත නොවන බව පැහැදිලි කරමින් ශ්‍රී විජිතසිරි අනුනාහිමියෝ (23 දා) එසේ කියා සිටියහ.

අප්‍රේල් 29 වැනිදාට යෙදී තිබෙන පුන් පෝ දිනය බක්‌ මහේ පෝ දිනයකි. ශක රාජවංශය අනුව බක්‌ මස අගට යෙදී ඇති පුන් පෝ දිනය අධි පසළොස්‌වක පෝ දිනයක්‌ ලෙස සැලකීමේ වරදක්‌ නොමැති නමුත් වෙසක්‌ පුන් පෝය දිනය ලෙස සැලකීම සුදුසු නොවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

තායිලන්තය, කාම්බෝජය, ටිබෙට්‌, වියට්‌නාම්, චීනය, ඉන්දියාව වැනි රටවල් වෙසක්‌ දිනය ලෙස සමරන්නේ මැයි මස අවසනට යෙදී ඇති පසළොස්‌වක්‌ පෝ දිනය බවත් ජාත්‍යන්තර වෙසක්‌ උත්සවය පවත්වන්නේද මැයි මස අගට යෙදී තිබෙන පසළොස්‌වක්‌ පෝදිනය දා බවත් අනුනායක හිමිපාණෝ පෙන්වා දුන්හ.

කිසිවකුගේ උපදෙසක්‌ මත සාම්ප්‍රදායික ලෙස බෞද්ධ වර්ෂය පිළිගැනීමෙන් බැහැරව මෙවන් තීරණ ගැනීම සාවද්‍ය බව පෙන්වා දුන් උන්වහන්සේ මෙවන් අත්තනෝමතික තීන්දු නිසා රට ජාතියට දුර්විපාක භුක්‌ති විඳීමට පවා කටයුතු යෙදීමට ඉඩ තිබෙන බවද පැවසූහ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top