News

වෙසක් පෝය අප්‍රේල් මාසයට ගත්තේ ඇයි ?

වෙසක්‌ පෝය අප්‍රේල් මාසයට ගත්තේ ඇයි?

බෞද්ධ ආගමික කටයුතු වෙනුවෙන් රජයේ පෝය කමිටුව විසින් නිර්දේශ කර ඇති ක්‍රි. ව. 2018 වර්ෂයේ සතර පෝය උදාව සිදුවන දින නියමය සඳහන් රජයේ නිල දැන්වීම් පතට අනුව (ගැසට්‌ පත්‍රයට) මෙම වර්ෂයේ වෙසක්‌ පෝය නියමය අප්‍රේල් මස 29 ඉරුදිනට යෙදෙන ආකාර සම්මත කර තිබීම ජ්‍යෙdතිෂඥවරු එකිනෙකා විවිධ මත පළ කිරීමට ඉදිරිපත් වී ඇත.

ජ්‍යෙdතිෂඥවරු ලිත් කර්තෘවරු දැන හෝ නොදැන කර ඇති හා කරමින් පවතින විවිධ ප්‍රකාශයන් නිසා ජනතාවගේ හා ඇතැම් ජ්‍යෙdතිෂඥවරුන්ගේ මනස විකෘති කරන මතවාද පුවත්පත් මාධ්‍ය හරහා සමාජගත කිරීමට ඉදිරිපත් වී ඇතත් හේතු සහගතව තවමත් පිළිගත හැකි පිළිතුරක්‌ විවේචනයක්‌ මෙතෙක්‌ ඉදිරිපත් වී තිබෙනු නුදුටුවෙමි. එමෙන්ම පඤ්චාංග ලිත් කෙරෙහි මෙතෙක්‌ තැබූ විශ්වාසය ද බිඳවැටී ඇති අතර ජ්‍යෙdතිෂ ශාස්‌ත්‍රීය කටයුතුවලට ප්‍රායෝගිකව ඉන් සිදුවන හානිය ද අති විශාලය.

ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රයට අදාළව මාස නියම කිරීමේදී ඒ තුළ කිහිප ආකාරයකට සැකසී ඇත. රවිගේ ගමන මුල්කර ගනිමින් මේෂ, වෘෂභ, මිථුන ආදී වශයෙන් සූර්ය මාස ක්‍රමය ද සඳුගේ ගමන මුල්කර ගනිමින් බක්‌ වෙසෙක්‌ පොසොන් ආදී චන්ද්‍ර මාස ක්‍රමයට ව්‍යවහාරය පවත්වාගෙන යනු ලබන අතර චන්ද්‍ර මාස ගිනිමේදී අමාන්ත – පූර්ණමාන්ත වශයෙන් ද භේදයක්‌ අනුගමනය කරයි.

මාස පෝය (අමාවක) දින සිට ඊළඟ අමාවක පෝය පිහිටීම අනුව අමාන්ත මාස නියමය ද පසළොස්‌වක පෝය දින සිට ඊළඟ පසළොස්‌වක පෝය දින දක්‌වා පවතින කාල පරාසය අනුව උදාවන සම්ප්‍රදායානුකූල ජ්‍යෙdතිෂ මාස සම්මතය පූර්ණමාන්ත ක්‍රමය යනුවෙන් ව්‍යවහාරයේ පවතී. අපේ රටේ පඤ්චාංග ලිත් නියමය අමාන්ත ක්‍රමය අනුගමනය කිරීම අතීතයේ සිට පවත්වාගෙන එන්නෙකි. ඇතැම් අවස්‌ථාවලදී පැමිණෙන අධි මාස උදාව අනුව නියම පෝය පැවැත්ම අතරට නැතහොත් එක සූර්ය මාසයක්‌ තුළට අමාවක පෝය දෙකක්‌ පැමිණීමෙන් අධි මාස ලක්‌ෂණ මතු කරයි.

අධි මාස පතනයට හේතු උදාකරනුයේ සූර්ය මාසය හා චන්ද්‍ර මාසය අතර ඇතිවන අසමාන පැවැත්ම ජ්‍යෙdතිෂය හා පෝය කටයුතුවලට ඇතිවිය හැකි බාධක මඟහරවා ගැනීමට යොදාගෙන ඇති ක්‍රමවේදයක්‌ ලෙසිනි. සූර්ය මාසයට වඩා චන්ද්‍ර මාසය සම්මත ඔරලෝසු වේලාව අනුව පැය 21 විනාඩි 47 කින් හෙවත් දිනකට ආසන්න ප්‍රමාණයක අඩුවක්‌ සෑම මාසයකදීම පැවතීම අනුව වර්ෂයක්‌ තුළදී දින 11 ක සූර්ය මාසයට වඩා චන්ද්‍ර මාස දින අඩුවක්‌ හටගනු ඇත. වර්ෂ 02 මාස 08 දින 15 කදී එම ප්‍රමාණය මාසයක පිරීමක්‌ ඇතිවීමෙන් අධි මාස පැවැත්මට හේතුවක්‌ වේ.

මෑත කාලයේ අධි මාස පිහිටීමක්‌ ඇතිවූයේ ක්‍රි. ව. 2015 ජුනි 16 ත් ජුලි 17 අතර අධි ඇසළ මාසයක්‌ ඇතිවීමෙනි. අධි මාසය නියම මාසයක්‌ ලෙස පිළිනොගන්නා අතර ඊට පසු මාසය එනමින්ම නිසිලෙස මාස පිළිවෙළ පැවැත්වීම අනුගමනය කිරීම සම්ප්‍රදායානුකූල පිළිවෙතට අනුව යොදාගෙන භාවිතයට ගනු ඇත.

ඒ අනුව මීළඟට පැමිණිය යුතු අධි මාසය විය යුත්තේ ක්‍රි. ව. 2018 මාර්තු, අප්‍රේල් අතර බක්‌ මාසය අධි මාසයක්‌ වීමෙනි. එම ආකාරයට පඤ්චාංග ලිත්වල ගණිතමය දොaෂ තත්ත්වයක්‌ අනුව කුම්භ, මීන මාසයන් අතර අමාන්ත පෝය දෙකක පිහිටි පෙන්නුම් නොකර ඇති බැවින් මාස පිළිවෙළ වෙනසකට භාවිත නොකර බක්‌ මාසයම නමින් හඳුන්වා දී ඇත.

ක්‍රිස්‌තු වර්ෂ 2001 සැප්තැම්බර් ඔක්‌තෝබර් අතර වප් මාසය ගනු ලැබුවා වුව ද දෙසැම්බර් 2002 ජනවාරි අතරට අධි මාසය යෙදිය යුතුය.

2004 ජුලි අගෝස්‌තු අතර නිකිණි මාසය අධි මාස වේ.

2007 ජුලි අගෝස්‌තු අතර අධි පොසොන් මාසයකි.

2010 ජනවාරි පෙබරවාරි සීමාවට විය යුතු නමුත් අප්‍රේල් මාසයට අධි වෙසක්‌ පෙන්වා දී ඇත.

2012 අගෝස්‌තු සැප්තැම්බර් අධි බිනර මාසයට අයත් වේ.

2015 ජුනි ජුලි අතර අධි ඇසළ මාසය උදාවී තිබීම නිදසුනක්‌ වශයෙන් ගත හැකි අතර ඇතැම් තැන්වලදී පෝය නියම වෙනසකට ලක්‌වී ඇත. ඇතැම් අවස්‌ථාවලදී සූර්ය මාස දින ගණන නියමිත ආකාරය ලිත්වල දක්‌වා නොමැතිව කටයුතු කර ඇති ආකාරය අනුව මෙවැනි තත්ත්වයකට ලිත් කර්තෘවරු මුහුණපා තිබීම හේතු සාධක වී ඇත.

මෙවර රජයේ පෝය කමිටුවට රිංගාගෙන ඇති ජ්‍යෙdතිෂඥවරු ලිත් කර්තෘවරු හා වගකිවයුතු රජයේ නිලධාරි ගේ නොසැලකිලිමත්කම නිසා අධි පොසොන් නමින් වර්ෂ 03 කට ආසන්න කාල පරාස පරතරයක්‌ දක්‌වා ඇදගෙන ගොස්‌ ඇති බව පඤ්චාංග ලිතෙහි දක්‌වා ඇත. එය තාරකා ගණිතයට අදාළ පඤ්චාංග ලිත් නිර්මාණ පරිගණක මෘදුකාංග තුළින් සිදුවී ඇති වරදකි. මාර්තු මාසයට පැමිණිය යුතු අධි බක්‌ මාසය නොපැමිණ බක්‌ මාසය නම් කිරීම නිසා අප්‍රේල් මාසයේ 29 රිවි දිනට වෙසක්‌ පෝය පැමිණීමට මූලික හේතුව වී ඇත.

ලංකාවේ පඤ්චාංග ලිත් ගණනය කිරීමට අපේ ලිත් කර්තෘවරු මූලික කරගනුයේ ඇමෙරිකාවේ මුද්‍රිත THE AMERICAN EPHEMERIS 21ST CENTURY නමැති තාරකා ග්‍රහස්‌ඵුඨ ලිතයි. එහි දක්‌වා ඇති රවි චන්ද්‍ර ග්‍රහ ස්‌ඵුඨ අනුව පඤ්චාංග ලිත් ගණනය කර ගනිමින් ජ්‍යෙdතිෂානුකූල ක්‍රමවේදයට සකස්‌ කර ගැනීම හුරුවී සිටි නිසා සිදුවිය හැකි වරදක්‌ වෙතොත් අවම තත්ත්වයකට හේතු සහගත විය.

දැන් ලිත් ගණනය කිරීමට සකස්‌ කර ඇති පරිගණක මෘදුකාංගයන් තුළ පවතින දොaෂ තත්ත්වයන්ගේ සාවද්‍ය බව නිසා ලිතේ ඇති වරදට හේතු වී ඇත්තේ මෘදුකාංග දත්තයන් අවිචාරවත්ව අමු අමුවේ භාවිතයට ගැනීමට පෙළඹීම නිසාය. ලිත් කර්තෘවරු හා නවක ජ්‍යෙdතිෂ පරපුර ජ්‍යෙdතිෂ කටයුතු කිරීමට පරිගණක මෘදුකාංග භාවිතයට ගැනීමට පෙළඹීමට සැදී පැහැදී සිටීම නිසා ජ්‍යෙdතිෂයට සිදුවී ඇති හානිය අති විශාලය.

පරිගණක විද්යුත් මාධ්‍ය නිෂ්පාදකයා කාර්මිකයකු වුව ද ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රය ගැන පුළුල් අවබෝධයක්‌ ඇතිව කටයුතු කළ හැකි පුද්ගලයකු නොවන නිසා ඔහු සිතනුයේ ගණිත ක්‍රමය හැසිරවීම අනුව ඔහුගේ ක්‍රියා කලාපය සර්ව සම්පූර්ණ නිවැරදිතාව ආරක්‌ෂා වී ඇති උසස්‌ නිර්මාණයක්‌ ලෙසිනි. අපේ පඤ්චාංග ලිත් කර්තෘවරු පරිගණක මෘදුකාංග භාවිත කරන හැම දෙනාම එහි ඇතුළත් ගණිතමය දත්ත ඉතා නිවැරදිව ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රය ඉටුකිරීමට සැබැවින්ම පාරිශුද්ධ මෙවලමක්‌ ලෙසිනි.

බටහිර තාරකා ගණිතය ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍ර කටයුතුවලට භාවිත කිරීම අහිතකර ප්‍රතිඵල ළඟාකර දීමට සිදුවන බව වර්ෂ 50 ක සිට වරින් වර අපි පෙන්වා දුන්නෙමු. තාරකා විද්‍යාව සතු ගණිත නිර්මාණ වෘත්තාකාර පදනමකට අනුගතව සකස්‌ කරගෙන ඇත.

ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රය ගණිත නිර්මාණ අණ්‌ඩාකාර පදනම් ආශ්‍රිත කරගෙන විශ්වයේ පැවැත්ම පිහිටීම අනුව කාලය හා අංශකානුගතව සම තත්ත්වය ආරක්‌ෂා වන පරිදි සකසාගෙන ඇත. එනිසා තාරකා ගණිත ක්‍රමවේදය ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රීය කටයුතුවල උචිත නොවනුයේ අසමාන ප්‍රතිඵල උදාකිරීමට හේතුවන බැවිනි. සිද්ධාන්ත සංහිතා හෝරාවන්ගේ ප්‍රබලතාව අදටත් එලෙසින්ම ආරක්‌ෂා වනුයේ ගණිත ක්‍රමවේදයේ නිවැරදිතාව ඇසුරුකර තිබීම නිසාය.

නවීන විද්‍යාත්මක ජ්‍යෙdතිෂ ගණිත ප්‍රවේශයන් යනුවෙන් හඳුන්වමින් මහ උජාරුවට කේන්ද්‍ර නිර්මාණ ආදී කටයුතුවලට පරිගණක යන්ත්‍ර අතේ කරේ එල්ලාගෙන කටයුතු කරන නූතනයෝ ද ක්‍රිස්‌තු වර්ෂ 1915 න් මෙපිට ජ්‍යෙdතිෂ කටයුතුවලට ඇබ්බැහි වූ ගුරුවරයෝ ද ඔවුන්ගේ ශිෂ්‍ය පරම්පරාවක්‌ ගෙන පැවතෙන නක්‍ෂත්‍ර සුචකයෝ ද ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රය උඩුයටිකුරු කර ඇති බව නොරහසකි.

එනිසා සිද්ධාන්ත සංහිතා හෝරාවලට අයත් කරුණු අවබෝධ කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්කිරීම නිසා තම සේවාදායකයන්ට ශාස්‌ත්‍රීය නිරවද්‍යතාව හෙළි කිරීමට ජ්‍යෙdතිෂඥවරුන්ට නොහැකි වී ඇත. එනිසා ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රයන් ජ්‍යෙdතිෂඥයන් පිරිහීමේ මාවත සකස්‌ කිරීමට ලිත් කර්තෘවරු ඉදිරිපත් වී සිටීම කනගාටුදායකය.

පඤ්චාංග ලිත්කාරයෝ අප්‍රේල් මාසයට වෙසක්‌ පෝය නියම කිරීම තුළින් තමන් විසින් තම ගෙල සිඳගෙන ඇත. ජ්‍යෙdතිෂ්ශාස්‌ත්‍රය විනාශ කිරීමට තැත් දරන අමනයන්ට හොඳ ප්‍රවේශයක්‌ සකස්‌කර දී ඇත. ක්‍රි. ව. 2018 පඤ්චාංග ලිත භාවිතය නිෂ්ඵල ක්‍රියාවකට පත්කර ඇති බැවින් වරද සුළුපටු නොවන බව අවබෝධ කරගත යුතුව ඇත.

2017 වර්ෂයේ අවුරුදු නැකත් රටට ඉදිරිපත් කිරීමේදී භයානක ප්‍රතිඵල පෙන්නා දී තිබියදීත් නොසලකා හැරි ඇතමුත් රට විනාශයට පත්කළහ.

එමෙන්ම පෝය කමිටුවේ අය වෙසක්‌ පෝය අප්‍රේල් මාසෙට යොදා ජ්‍යෙdතිෂයත් බෞද්ධ මනසත් විනාශයට පත්කර ඇත.

දැන් ගලේ පැහැරූ බළලුන් මෙන් දෙපිරිසම බලා සිටින අතර ඇතමුන් තම නම ප්‍රසිද්ධියට පත්කර ගැනීමට වරද වසාගැනීමට කටමැත දොඩන අතර සියල්ලෝම පැහැරූ දේ වසා ගැනීමට නොහැකිව ඤාව් ඤාව් ගාමින් සිටිනු විනා කළ හැකි දෙයක්‌ නැති බව පැහැදිලිය.

අනිත් අයටත් කියවන් share කරන්න

ම. ලි. සුගතපාල

උපුටා ගැනීමකි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top