ක්‍රිඩා

තිලංග සුමතිපාල හා ක්‍රිඩා ඇමති මාලිංගගෙන් පලිගත්තා – රංජන් රාමනායක

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වතමන් සභාපති තිලංග සුමතිපාල මහතා හා හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ලසිත් මාලිංගගෙන් පලිගත් බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. මාදිවෙල පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. එසේම වත්මන් සභාපතිවරයාට එම තනතුරේ රැඳී සිටීමට හැකියාවක් නොමැති බවත් ඔහු තනතුරින් ඉල්ලා අස්විය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.

Image result for ranjan ramanayake

“ මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන කළ ප්‍රකාශය වත්මන් සභාපතිවරයා හෝ හිටපු ක්‍රීඩා ඇමතිවරයාට කළ ප්‍රකාශයක් නොවන බවට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක්. මම හිටපු, හිටිය හා දැන් ඉන්න සියලු දෙනාගේ දූෂණ වංචා ගැන තමයි කියන්නේ. වැඩියෙන්ම දූෂණ වංචා තියෙන්නේ දැන් ඉන්න සභාපතිවරයා හා හිටපු ක්‍රීඩා ඇමතිවරයා හිටපු සමයේ බව ප්‍රකාශ කරනවා.

මම තරහින් වෛරයෙන් මේවා කියන්නේ නෑ. මමත් ක්‍රිකට් ලෝලියෙක්. මා පසුපස ක්‍රිකට් ක්‍රීඩකයන්, මාධ්‍යවේදීන් සහ ජනතාව ඉන්නවා. මගේ චරිතේ තමයි හොරු ගැන කෑගහන එක. හොරු අල්ලන එක. ඒකෙදි මම ෆේල්වෙනවද නැද්ද කියන එක ඉතිහාසාය තීන්දු කරයි. නමුත් හෙරුන් සමග නිදිවදිනවට වඩා හොරුන් එක්ක එකතු වෙලා හොරකම් කරනවට වඩා හොරුන් ගැන අණාවරණය කරලා පච වෙන එක, හොරුන් එක්ක සටන් කරලා පරදින එක නම්බුයි. මේ සටනද පරදින්න පුළුවන්. නමුත් මට ඒක නම්බුයි. මම හොරකම් කරලා නෑ. ඒ නිසා මම මගේ සටන දිගටම ගෙනියනවා.

ක්‍රීඩා නීතිය අනුව තිලංග සුමතිපාල මහතාට අයිතියක් නෑ ක්‍රිකට් ආයතනයේ මුල් පුටුව හොබවන්න. සුමතිපාල මහතා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක්. මීට අමතරව ඔහු ක්‍රීඩා භාණ්ඩත් ගෙන්වනවා. ඔට්ටු ඇල්ලීමට සම්බන්ධ අයට එය ක්‍රීඩා නීතියට පටහැනිය. දයාසිරි ඇමතිතුමා ගැන මම දන්නේ නෑ එතුමාට ලැබෙන වාසිය කුමක්ද කියලා. එතුමා ඔහු මුල් පිටුවේ තැබුවා.

අපි ක්‍රිකට් ක්‍රීඩාවේ සිටියේ අංක තුනේ. දැන් ඉන්නේ අට නැත්නම් 9 යේ. ඒක වුණේ දයාසිරි ජයසේකර ඇමතිතුමා හා තිලංග සුමතිපාල මහතා සිටින කාලයේදී. ලැජ්ජාවක් තියෙනවානම් නැවත ඉල්ලන්නෙත් නෑ. කශේරුකාවක්, කොන්දක්, සදාචාරයක් තියෙනවානම් මේ පාර ඉල්ලන්නේ නෑ. අයි.සී.සී. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ කළා. මගෙනුත් ඇහුවා. මමත් දන්න දේවල් කිව්වා. ලසිත් මාලිංගගෙන් පලිගත්තා. අපි කවුරුත් දන්නවා. ඇයි පසුගිය කාලයේ පරාජයට පත්වූයේ කියලා. මාධ්‍යෙව්දීන් මේ ගැන කතා කරන්නේ නැත්නම් මොකක් හරි තියෙනවා.

Image result for lasith malinga

මම මාධ්‍ය වේදීන් 12දෙනෙකුගේ නම් කියන්නම්. පසුගිය කාලයේ විදෙස් සංචාර ගිය හැටි. ආටිකල් එකකට 7500 බැගින් ගත්ත හැටි. නම් ගත්ත හතර දෙනෙක් අපි ළඟ ඉන්නවා. වඳින්නම් අයියේ නම් කියන්න එපා කිව්වා. පොඩි හොරකම්, ලොකු හොරකම් කියලා දෙකක් තියෙනවා. මම පොඩි හොරකම් පස්සේ යන්නේ නෑ.

මම අද ඉඳගන්නේ තනියම. ඉදිරියට සුපිරි ක්‍රීඩකයන් සමග වාඩි වෙන්න බලාපොරොත්තු වෙනවා. සුපිරි තොරතුරු ගණනක් මග එනවා. මම කියන්නේ සාධාරණව මෙතුමට අයින් වෙන්න කියලයි. ඒ ක්‍රිකට් බේර ගන්නයි. දැන් මේක කෑවා ඇති. දැන් සමුඅරන් හරි කෙනෙකුට දෙන්න.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top