දැනුම

නික්ගේ සංවේදී ජීවිත කතාව

ඔහු උපතින් ම දෑත් දෙපා අහිමි මිනිසෙකි. එහෙත් ජීවිතය පිළිබඳ දිගු කතන්දරය කියා දෙන්නටත්, ඉගෙන ගන්නටත් අපට ඔහු තරම් හොඳ උදාහරණයක් ලැබෙන්නේ කලාතුරකිනි.අත් පා අහිමි වුණු මිනිසකුට ජීවිතය ගැන කියා දෙන්නට ඇත්තේ මොනවා දැයි කියා කෙනෙකුට තර්ක කළ හැකි ය. ඔහුට අපට කියන්නට පැහැදිලි එක් කතාවක් ඇත. ඒ අනෙකක් නොව, නොසැලෙන ආත්ම ශක්තිය ධෛර්යය සහ උත්සාහය පිළිබඳ අපූරු කතාවයි.

Image result for Nick Vujicic

දෑත් දෙපා සලමින් හිනැහෙන අඬන, පෙරළෙන – දඟලන බිළිඳකු කොතරම් හැඩකාර ද? ඒත් නික් වුජිසිස් ට දෑත් දෙපා සලමින් හිනැහෙන්නට – අඬන්නට, දඟලන්නට – පෙරළෙන්නට දෑත් මෙන් ම දෙපාද උපතින් ම උරුම වී තිබුණේ නැත.

Image result for Nick Vujicic

එය ඔහුගේ ඉරණම් කතාවේ ඇරැඹුමයි.නික් උපන්නේ සර්බියාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පදිංචි ව සිටි යුවළකගේ වැඩිමහල් දරුවා ලෙස 1982 වසරේ දෙසැම්බර් 4 වැනිදා ය. ඔහු ඉපැදෙන විට ටෙට්රා ඇමෙලියැ සින්ඩෝම් නම් දුර්ලභ රෝගී තත්ත්වයෙන් පසු වූයේ ය. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහු මේ දුක්බර අඩියට ඇද වැටී සිටියේය. රෝගය නිසා ඔහුගේ අත් උරහිස් මට්ටමේ සිට ම නොවැඩිණි.

දෙපා යැයි කියන්නට තරම් සවිමත් පා යුගළක් ඔහුට නැත. යම්තමින් වැඩුණු එහි පතුල් පමණක් ඇත. එක් පතුලක ඇඟිලි දෙකක් පමණක් තිබේ. මේ නිසා ඔහුට මුළුමනින් ම පාද ද නැතැයි කිවහොත් එහි කවර වරදක්ද? ඇවිදින්නටත්, කිසිදු ආකාරයක් වැඩක් පලක් කරගන්නටත් බැරි මිනිසකු ලෙස ජිවත්වන්නට සිදුවීම දැඩි මානසික ආතතියකි.කම්පනයකි.

Related image

.නික්ගේ මුළු මහත් ළමා විය ම පිරී ඉතිරී තිබුණේ කුඩා දරුවකුට උහුලන්නට හැකි තරමේ හැඟීම්වලින් නොවේ. ඒ පුංචි නික් තවත් දුක් කම්කටොළුවලට මැදි වූයේ පාසල් අවධියට එළැඹි කල ය. ඒ වන විට නික් සහ පවුලේ උදවිය ජීවත් වූයේ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙහි ය. ආබාධිත දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම නීතියෙන් තහනම් විය. මේ නිසා නික්ට තව තවත් මානසික කඩා වැටීම්වලට මුහුණ දෙන්නට සිදු වුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවත් සියල්ල ම ඔහුගේ අවාසනාව පිණිස ම පිහිටියේ නැත.

පාසල් ගමන පිළිබඳ බලාපොරොත්තු නික් තුළ ඉහළ නංවමින් වික්ටෝරියා ප්‍රාන්තයේ ආබාධිත දරුවන්ගේ පාසල් අධ්‍යාපනයට තිබුණු වැටකඩුළු ඉවත් කෙරිණි. මේ නිසා නික් මෙන් ම තවත් විවිධ අන්දමේ ආබාධයන්ට ලක්ව සිටි බොහෝ දෙනෙකුට ප්‍රධාන පෙලේ පාසල්වලට ඇතුළු වන්නට අවස්ථාව උදා විය.

පාසලට ඇතුළත් වී අධ්‍යාපන කටයුතු ඇරැඹු දා ඔහු අන් කාටත් වඩා සතුටින් උද්දාමයට පත් වන්නට ඇත.මේ දෝරේ ගලා යන සතුට විඳ දරා ගන්නට නික්ට හැකි වූයේ කෙටි කාලයක් පුරා පමණි. උපතින් ම උරුම වුණු ඉරණම යළිත් ඔහු පසු පස ලුහුබඳිමින් ඔහු ව මානසික පීඩනයට ලක් කරන්නට පටන් ගත්තේය. වයස අවුරුදු 8 පමණ වන විට ඔහු සියදිවි නසා ගන්නට උත්සාහ කළේත් මේ මානසික වධ වේදනාවල නිමක් කොණක් පෙනෙන්නට නොතිබුණු නිසා විය හැකිය.

Image result for Nick Vujicic

නික්ගේ ජීවිතයේ සුවිශේෂ ම දවස උදා වූයේ මේ කාලයේදීය. ඔහුට අහම්බෙන් පුවත්පත් ලිපියක් කියවන්නට ලැබිණි. එහි තිබුණේ දැඩි ලෙස ආබාධිත තත්ත්වයට පත් වූ මිනිසකු ජීවත්වීමට දරණ වෙර වෑයම සම්බන්ධයෙනි. පුවත්පත් ලිපිය කියවා බැලූ නික් යළිත් තම ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතා බලන්නට පටන්ගත්තේ ය.දුක, වේදනාව, පීඩනය, කම්පනය වැනි බොහෝ හැඟීම් ඔහු ඉවත වීසි කළේ ය.

ජීවිතය පිළිබඳ සිතා බලා තීන්දු තීරණ ගැනීම දුරලා, තම ජීවිතය පිළිබඳ ගැඹුරින් සිතන්නට පතන්නට පටන් ගත්තේ ය. මේ ඇරැඹුම ඔහුගේ දුක් බර ඉරණමට නැවතුමක් තැබුවේ යැයි කිවහොත් නිවැරැදි ය. එකතැන රැඳී තිබුණු නික්ගේ ජීවිතයට නව රිද්මයක් ලැබිණ. නව රිද්මය ඔස්සේ ගලා යන ජීවිතය සැබැවින් ම හැඩකාර, අර්ථවත් මෙන් ම පිරිපුන් එකක් බව ඔහුටම වැටහෙන්නට විය. ඒ සමඟ ම ඔහුගේ සිත නව උද්දාමයකින් පිරී ඉතිරී ගියේය.එතැන් පටන් සිය ජීවිතය මෙහෙයවීමේ සුක්කානම ඔහු, ඔහු අතට ගත්තේය.

Image result for Nick Vujicic

වැඩකට නැති සිය දෙපාවලින් ප්‍රයෝජනයක් ගන්නට ඔහුට වුවමනා විය. එක පතුළක වූ ඇඟිලි දෙක ආධාර කරගෙන ඔහු ලිවීම ඇරැඹීය. තමන්ගේ වැඩ රාජකාරී තමන් වෙත ම පවරා ගනිමින් නිදහස් මිනිසකු ලෙස ජීවත්වීමේ සතුට භුක්ති විඳ ගැනීමට ඔහුට වැඩි කාලයක් ගත වූයේ නැත.තනිව ම වීදුරුවකින්බොන්නටත්, තම හිස කෙස් සකසා ගන්නටත්, දතකට මැද මුහුණ දොවා ගන්නටත්, රැවුළ බා ගැනීමටත්, දුරකථන භාවිත කරන්නටත් ඔහු පසුබට නොවුණේ ඒ නිසා ම විය හැකිය. ඉන් නොනැවතුණු ඔහු පරිගණකය භාවිත කරන්නට ද හුරු වුයේය. තව තවත් බලා හිඳින්නට ඔහුට කාලයක් නොවිණ.

ජීවිතය විඳිනු හැර දුක් විඳින්නට නොවන බැව් ඔහු මැනවින්ම පසක් කරගත් නිසාදෝ, බොහෝ සෙයින් විනෝද වන්නට මං තනාගත්තේය. එදා පාසල් අවධියේ පසුවුණු නික්ට ටෙනිස් බෝල විසි කිරීමෙනුත්, ඩ්‍රම් වාදනයෙනුත් සතුටක් ලබන්නට පුළුවන් විය.

Image result for Nick Vujicic

ඔහු නායකත්වයට ද සුදුස්සෙක් විය. හත්වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලය වන විට නික් පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළේ ය. සහෝදර සිසුන්ට මඟ පෙන්වීම, ඔවුන්ගේ කටයුතුවලට අරමුදල් රැස් කිරීම මෙන් ම විවිධ ඇප උපකාර සඳහා වෙන්වුණු ආයතනවලට සිය දෑත් දිගු කරන්නටත් මේ නව යොවුන් සිසුවා නොමසුරු වූයේ ය.

ඔහුගේ සිත තදින් ම ඇද බැද ගත්තේ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් කටයුතු කිරීම කෙරෙහි ය. අවසානයේදී නික් නැවතුනේ තමන් වැනි අයට උපකාර කිරීමට රාජ්‍ය නොවන සංවිධානයක් ස්ථාපනය කිරීමට යොමු වීමෙනි. ඒ වන විට ඔහු පසුවූයේ 17 හැවිරිදි වියේය.තමන් වෙත පැවරුණු වගකීම් මෙන් ම සමාජ වගකීම් සම්භාරය ද සිත දරාගෙන වයසටත් වඩා මුහුකුරා ගිය අදහස්වලින් යුතුව වැඩ කරන්නට ඔහුට ඕනෑ තරම් ශක්තිය, ධෛර්යය, ආත්ම විශ්වාසය තිබිණ. දෑත් දෙපා නැතිකම කිසි විටෙකත් ඊට හරස් වූයේ නැත.

Image result for Nick Vujicic

ඔහු අධ්‍යාපනයෙහිද දක්ෂයෙකි.ගිණුම්කරණය පිළිබඳත්, මූල්‍ය සැලසුම්කරණය පිළිබඳත් ග්‍රිෆිත් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබන විට ඔහුගේ වයස අවුරුදු 21 කි. නික් සතු වූ අසීමිත ශක්තිය, ධෛර්යය, නායකත්වය, අන්‍යයන් පුබුදුවාලමින් ඔවුන් ද පෙරටම ගෙන යන ගුණය ඇතුළු දහසකුත් එකක් සුබ ආකල්ප සම්මානයෙන් සැරසෙන දිනයක්ද උදා වුණේය.ඒ

“Young Austrailian of the year”
සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟ ය. ඔහු සම්මානයට පාත්‍ර වූයේ 2005 වසරේදීය. එදා ඔහු 23 හැවිරිදි යෞවනයෙකි.

අද ඔහු 30 හැවිරිදි වියේ පසුවන කඩවසම් මිනිසෙකි. ශක්තිය, ධෛර්යය එදා මෙන් ම අදත් ඔහු තුළ නොනැසී පවතී. ඔහු වෘත්තියෙන් දේශකයකු වූයේ ඒ නිසා ම වන්නට ඇත. සිය දේශනවලින් ඔහු මිනිසුන්ට කියා දෙන්නේ ජීවිතය ම මිස අනෙකක් නොවේ. මිනිසුන් ධෛර්යමත් කිරීම, ඔවුන් තුළ සුබ ආකල්ප රෝපණය කිරීම නික්ගේ අරමුණයි.යෞවනයන්ගේ ගැටලුවලට විසඳුම් අත්පත් කරදෙන්නටත් ඔහු විශේෂ වෙහෙසක් දරයි. මහාද්වීප 5 ක පැතිරුණු රටවල් 24 ක මිලියන 3 කට ආසන්න පිරිසක් නික්ගේ දේශනවලට සවන්දී ඇත.

ඔහු රූපවාහිනී වැඩසටහන් හරහා ද තම පණිවිඩය ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයන් වෙත ඉදිරිපත් කරයි. ලයිෆ්ස් ග්‍රේටර් පර්පස් (කෙටි වාර්තාමය වැඩසටහන ඇතුළත් ඔහුගේ ඩී. වී. ඩී. පටයට අද ඇත්තේ හොඳ ඉල්ලුමකි. මේ සියල්ලටම වඩා පුදුමය, නික් සිනමා තරුවක් වීමයි.

‘ද බටර් ෆ්ලයි සර්කස්’ චිත්‍රපටයේ ප්‍රධාන ම භූමිකාව රඟපෑවේ ඔහු ය.මේ කෙටි චිත්‍රපටය 2009 වසරේ සිටම සිනමා සම්මාන උළෙල කිහිපයකදී ම සම්මානයට පාත්‍ර වුවත්, එයටත් වඩා විශේෂත්වය මෙතඩ් ෆෙසට් සිනමා සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා ලෙස සම්මාන ලැබීමයි. දෑත් නැතත් ඔහු ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඔහු රචනා කළ ‘ලයිෆ්’ විතවුට් ලිමිට්ස් කෘතිය බොහෝ පාඨකයන් තුළ ප්‍රසාදය ඇති කළ එකකි.

Image result for Nick Vujicic

විවාහ දිවියට ඇතුළු වුණු මේ සුවිශේෂ එහෙත් සොඳුරු මිනිසා ගැන යළි යළිත් කතා බහ කරන්නට බොහෝ දෙනෙක් පටන්ගත්හ. ඔහුගේ සහකාරිය කනේ මියාහාරා නම් සුරූපිනියයි. ඔවුන් දැන් වෙසෙන්නේ කැලිෆෝනියාවෙහිය. නික් අද සාමාන්‍ය දිවියක් ගත කරන සාමාන්‍ය මිනිසකු මිස තවදුරටත් ආබාධිත තත්ත්වයෙන් පෙළෙන්නෙකු නොවේ. සිතන්නට යමක් ඇත. කටුක තිත්ත රසය කියා මේ දිවිය හැරයා හැකිද? යන්න එයයි.

යාළුවන්ටත් කියවන්න මේ පෝස්ට් එක share කරන්නත් අමතක කරන්න එපා.ඉතිං යාළුවනේ නිකමට හිතලා බලන්න අපිට මොනවද අඩු.හිතේ ශක්තියයි ආත්ම විශ්වාසයයි තියනවා නම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.

Image result for Nick Vujicic

Related image

Image result for Nick Vujicic

 

Image result for Nick VujicicImage result for Nick Vujicic

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top