gossip

පියෙකුගේ ආදරය පෙන්වන සංවේදී ඡායාරූප පෙලක්

“තාත්තා” කියන වචනේ අපි හැමෝම හරි ආදරේ කරන වචනයක්. විශේෂයෙන්ම දියණියකගේ හා පියකුගේ බැඳීම ගොඩාක් ප්‍රබලයි. අම්මා දස මසක් කුස හොවා ගෙන අපිව මේ ලොකේට බිහිකරා වගේම තාත්තාත් අපිව හදා වඩා ගන්න අනේකවිධ දුක් වේදනා විදිනවා. දුවෙක් ට පිරිමියෙක් ගෑන හිතේ මැවෙන පලමු රූපය වෙන්නේ තමන්ගේ තාත්තා. කතාවක් අහලා තියෙනවාද දියණියකගේ පලමු ආදරය තමන්ගේ තාත්තා කියලා. ඒකනේ හෑම ගෑනු ළමයෙක්ම තමන්ගේ ජිවන සහකාරයා තුලින් තමන්ගේ තාත්තාව හොයන්නේ. පහත ඡායාරූප බලන්න.

තමන්ගේ දුව ගැන වගකීමක් තාත්තා කෙනෙක්ට දැනෙන්නේ ඒ පුංචි කෙල්ලගේ මුණ දැකපු දවසේ ඉදන්.


හා හා පුරා කියලා තමන්ගේ දුව වචනෙන් වචනේ කතා කරන්න ගත්තාම ඒ වගකීම තවත් වැඩි වෙනවා.

 

හැමදාටම තාත්තා කෙනෙක් දුවව බලා ගන්නේ මලක් වගේ.

 

 

තමන්ගේ දුව පලවෙනියට ඇවිදින්න පටන් ගත්ත දවස හැම තාත්තා කෙනෙක්ටම හැමදාටම මතකයි.

 

එදා ඉදන් දුවගේ ගමනට තාත්තා අත්වැලක් වෙනවා.

 

පුළුවන් හැම වෙලේම

 

ලගින් ඉන්න බැරි වුනත් දුරින් ඉදන් හරි හැමදාම තමන්ගේ දුවව ආරක්ෂා කරනවා.

 

දුව ටික ටික ලොකු වෙද්දි එයාට හොද අනාගතයක් හදලා දෙන්න ඕනම තාත්තා කෙනෙක් මහන්සි වෙනවා.

 

තමන්ගේ මහන්සියේ ප්‍රතිඵල දකිද්දි ඒ තාත්තාට දැනෙනවා තමන් සාර්ථකයි කියලා.

 

දුවගේ ලගින් හැමදාම තාත්තාට ඉන්න බෑ. දවසක එයාට සිද්ධ වෙනවා තමන් ආදරයෙන් ඇති දැඩි කරපු දුව ව තව කෙනෙක් ට භාර දෙන්න.

 

ඒ අළුත් බැදීමත් එක්ක සමහරවිට දුවයි තාත්තායි ඈත් වේවි. ඒත් ඒ දෙන්නාගේ බැදීම කවදාවත් ඈත් එන එකක් නෑ.

 

පාළුව තනිකම එක්ක ඒ තාත්තා තනිවුනත්, දුවගේ සතුට හැමදාම එයාගේ සතුටත් වේවි.

 

බැදීම් එහෙම ලෙසියෙන් තනි වෙන් නෑ. පුංචි සුභ පණිවිඩයක් දුවගෙන් ලැබුණාම ආයෙත් ආ තාත්තාගේ ජිවිතයට කොයිතරම් සතුටක් එවිද?

 

ඉතින් මේ තාත්තාට තමන්ගේ දුව වගේම පුංචි මිනිපිරියක් අතට ගත්ත දවසක කොයිතරම් සතුටක් දැනේවිද?

 

එදා ඉදන් තවත් ආදරණීය තාත්තා කෙනෙක් බිහිවෙනවා. ඒ ඇයගේ ආදරණීය සැමියා

 

තමන්ගේ සැමියා දුවට දක්වන ආදරේ දැක්කාම , ඇයට තමන්ගේ තාත්තා හැම තත්පරයකම මතක් වේවි.

 

ඒත් සමහර විට ඒ වෙනකොට ඒ ආදරණීය තාත්තා හැමෝගෙන්ම හූගාක් ඈත වෙන්න පුළුවන්.

 

තාත්තලා ගේ ආදරේ මහමෙරක් වගේ .සමහරවිට අපිට පෙන් නෑ. ඒත් ඒ ආදරේ හැම වෙලේම අපිව ආරක්ෂා කරනවා. තමන් ව ආදරෙන් බලා ගත්ත අම්මා තාත්තාට දුකක් දෙන්න එපා. ඔයා ගොඩාක් බිසී ඇති .ඒත් ඒ වෙනුවෙනුත් කාලයක් යොදා ගන්න. නැත්නම් දවසක ඔයාට හිතෙයි ,පරක්කු වැඩියි කියලා. ඒදාට ආපහු හැරෙන්න බැරි වේවි. හිතලා බලන්න. සුභ දවසක්!

යාළුවන්ටත් බලන්න share කරන්න

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top