gossip

කසාදෙකින් කොල්ලෙක්ට සිද්ධ වෙන්න පුළුවන් මූලික අවාසි මොනවාද ?

කසාදයක් ගැන ඇහුවම ඩිෆොල්ට් අපිට කියන්නෙ අවාසි ටිකක්නෙ. ඒත් ඒ කියන අවාසිවල පිළිවෙලක් නෑ. අන්න ඒ නිසාම ඒ විදිහෙ අවාසි ටිකක් පිළිවෙලට ලියන් අපි හිතුවා. ඒ වගේම කසාද බැඳපු අලුත සමහර අයට වාසි විදියට පේන දේවල්වලට යටින් නොදැනීම මේ වගේ අවාසිත් තියෙන්න පුළුවන්.

1. ටයිම් ටේබල් එකෙන් 60%

Why a guy should not marry

ඔයාගෙ දිනපතා ටයිම් ටේබල් එක කොහොමද? උදේ ඇහුරුනා ඔෆිස් ගියා, හවස ජිම් ගියා, ගෙදර ආවා, කෑවා නිදාගත්තා වගේ එකක්ද? ඒ වුනත් කසාද බැන්දම ඒ අතරතුර ඔයාට අය වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. උදේ ඇහුරුනාම ටිකක් හුරතල් වෙන්න, ඔෆිස් යනකං කතා කරන්න, ඔෆිස් එකේදි ටුවෝ කෝල්, දවල්ට කද්දි මතක් වුනා කියල කියන්න, හවස එන ගමන් එයාට ඕන දේවල් හොයන්න යන්න, ජිම් එකේදි වෙනිං කෙල්ලො දිහා නොබලන්න, කොච්චර නිදිමත වුනත් ඇඳට ගිහින් එයාගෙ ඕපදූප කතා ටික අහගෙන ඉන්න ඔයාගෙ ටයිම් ටේබල් එකෙන් ඉඩක් ඕනමයි.

2. සල්ලිවලට වෙන දේවල්

Why a guy should not marry

අපි නොහිතන දේවල් සල්ලිවලට කරන්න බිරින්දෑවරුන්ට පුළුවන්. මේ අපි අහපු කතා දෙකක්. වයිෆ් ජොබ් එකෙන් අයින් වුනු නිසා අලුත් එකකට යනකං ඇයගේ අතට පඩියක් නොලැබෙන නිසා එක් විවාහක මහත්මයෙක් තමුන්ගෙ බිරින්දෑ අතට රුපියල් 35000ක් දීලා තියෙනවා. ඒ ගෙදර අවශ්‍ය කරන දේවල් පුරුදු පරිදි බිරිඳටම ෂොපින් කරලා ගන්න පුළුවන් වෙන්නයි.

නමුත් ඊට සතියකට පස්සෙ ආපු ඔහුගේ උපන්දිනයට ඇය ඒ මුදලින් රුපියල් 30000ක ඔරලෝසුවක් තෑගි කරලා තියෙන්නෙ ඔහු ඔලුවෙ අත ගහගෙන ඉද්දි. ලංකාවෙ ප්‍රකට චරිතයක් තමුන් කරපු වැඩකින් ලැබුනු ලක්ෂ දහයක මුදලක් ගෙදර ගෙනත් තියන්නෙ පහුගිය කාලෙම ටිකක් අමාරුවන් රෝල ගහපු නිසා. පසුදා ඔහු පුදුම වෙන්නෙ තමුන්ගෙ බිරිද ඒ සියළු මුදල් ස්ථාවර තැමුපතුවක වසර තුනකට තැම්පත් කර ඇති බව දුටුවාමයි.

3. නිතර හේතු/ ප්‍රශ්න

Why a guy should not marry

මෙන්න මේකත් කසාදෙකදි සිද්ධ වෙන ලොකුම අවුලක්. හැම දේකටම හේතු දක්වන්නට වීම සහ හැම අවස්ථාවකට ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට වීම. ඇයි අද රතු ඇන්දෙ? මගේ විහිළුවට හිනා නොවුනේ ඇයි? අපේ අම්ම ගැන ඔයා හිතන්නෙ මොකද්ද? ඔයාලගෙ අම්ම අපේ අම්ම ගැන හිතන්නෙ කොහොමද? ව‍ගේ කතා ගොන්නකට උත්තර දෙන්න ඔයාට සිද්ධ වෙනවා.

4. ජනකතා

Why a guy should not marry

ජනකතා කියන්නෙ ඔයාලා පුංචි කාලෙ අහපු ඒවට කියලා හිතාගෙන ඉ්නනවනං කවදාහරි කසාද බැඳලා වයිෆ් කියන ජනකතා අහගෙන ඉන්න. උදාහරණෙකට, දන්නවද ලලිනිගෙ අම්මට අද උදේම එහා ගෙදර ආන්ටි එයාගෙ දූගේ පොඩි එකා ගැන කියපු කතාව? එහෙමත් නැත්තං, අපේ අම්ම අද උදේ කඩේට ගිහින් හෙන වෙලා කැෂියර් ගාව ඉඳලා අනේ, අපේ අම්මට ඉස්සරහ හිටපු මනුස්සයා සල්ලි ගනං කර කර ඉඳලා. එයාට පන්සිය ගානක ඉතුරු දීලා තියෙන්නෙ. පනහෙ කොළ හයකුයි, විස්සෙ කොලයි මාරු කාසියි ගොඩක් එක්කනෙ.

5. ඔවදන්

Why a guy should not marry

හප්පේ… යහ ජීවිතයකට මග වගේ හැරෙන හැරෙන අතට ඔවදන් ලැබෙන එකත් කසාද ජීවිත‍ේම අංගයක්. ඇත්තටම ඒ විදියට හැදුනනං ජප්පො ඇවිල්ල අපේ ඇඟේ එස් පහ සර්ටිෆිකට් එකක් එල්ලලා යනව ෂුවර්. කෑම පිඟාන එතන තියන්නෙපා, ඇ‍ඳේ ඉඳන් කන්නෙපා, පුටුව උඩ රෙදි දාන්නෙපා, මගේ ෆේස්වොෂ් එක ඔලුවෙ ගාගෙන නාන්නෙපා වගේ ඔවදන් ගොන්නයි.

6. සම රසිකත්වය

Why a guy should not marry

කසාද බැන්දම ඔයාට අකමැත්තෙන් වුනත් එයා කැමති දේවල්වල රසිකයෙක් වෙන්න සිද්ධ වෙනවා. ඊටත් වඩා අමාරු කේස් එක තමයි ඔයාට එයා කැමති දේවල් කරන්නත් සිද්ධ වෙනවා. කවදාවත් හින්දි ෆිල්ම් නොබලන ඔයාට එයා කැමති හින්දි ෆිල්ම් බලන්නම වෙනවා. ඒ අස්සෙ එයා මෙහෙම අහද්දි ඔයාට ඔයා ගැනම දුක හිතේවි. ඔයාට ෂාරුක් ගැන දුක නැද්ද ඒයි?

7. ඩිෆෝල්ට්

Why a guy should not marry

වයිෆ් කෙනෙකුගේ ඩිෆෝල්ට් අවුල විදියට අපි දකින එක මෙතනදි සඳහන් නොකරම බෑ. ඒ තමයි ඔයාගෙ කැමැත්තක් කියන එක. කන්න ගියත්, ට්‍රිප් එකක් ගියත්, ටීවී එක දැම්මත් ඔයාට එ‍යාගෙන් ලැබෙන උත්තරේ තමයි ඔයාගෙ කැමැත්තක්. හැබැයි ඔයාගෙ කැමැත්ත එයාග කැමැත්තට සමපාත වෙනකං එයාගෙ මූන තියෙන්නෙ අවුලෙන්.

උපුටා ගැනීම life.lk

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top