News

දන්සැල් දෙනවා නම් මේ නීති පිලිපැදිය යුතුයි

හිතූමනාපෙට දන්සල් බෑ.දන්සැල් දෙනවනම් පිළිපැදිය යුතු නීති මෙන්න

එලබෙන වෙසක් සමය වෙනුවෙන් දන්සැල් පැවැත්වීම සදහා බුද්ධසාසන අමාත්‍යංශය විසින් නිර්ණායක 6ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයින් දන්සැල් පැවැත්වීමේ මුවාවෙන් වංචනිකව මුදල් එක්රැස් කරන බවටද තොරතුරු වාර්තාවන අතර ඒ අනුව මෙම පියවර ගත් බවයි බුද්ධසාසන අමාත්‍යංශය පැවසුවේ.

මේ ඒ පිළිබදව කරුණු දක්වන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර සඳහන් කර සිටියේ පහත සඳහන් නිර්ණායක 06 පිළිබඳව සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී තිබෙන බවයි.

එම නිර්ණායක නම්,

01. දන්සල් පැවැත්වීමේ දී අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා අදාළ ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත සිදුවීම.

02.දන්සල්වලට ආධාර එකතුකිරීම සඳහා අදාළ ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමින් වහන්සේගේ සහ අදාළ ග්‍රාම නිලධාරීගේ නිර්දේශය ලබා ගැනීම සිදුකළ යුතු අතර දන්සල පැවැත්වීමේ දී මහජනතාව පීඩාවට පත් නොවන ලෙස සිදු කිරීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම.

03. සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීමට කටයුතු කිරීම.

04. දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට ඒ වෙනුවට කහ පැහැති කොඩියක් භාවිත කිරීම.

05. මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම.

06. සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම.

ජනතාවට හිංසාකාරී නොවන අයුරින් දන්සැල් සංවිධානය කළයුතු බවයි මෙහිදී වැඩිදුරටත් සදහන් කෙරුණේ.

Image result for දන්සැල්

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top