ක්‍රිඩා

වෝර්නර් වෙනුවට කුසල් ජනිත් IPL තරගාවලියට

පන්දුව පලුදු කිරීමේ සිද්දියකට අනුබල දීම නිසා වසරක ක්‍රිකට් තහනමක් ලැබුන ඕස්ට්‍රේලියා ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් අප්‍රේල් මාසයේ ආරම්භ වීමට නියමිත 2018 IPL තරඟාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් නායකත්වයෙන් සහ කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. මේ සිද්දිය නිසා වෝනර්ගෙන් හිස් වන පුරප්පාඩුව සඳහා සුදුසු පිතිකරුවකු සොයාගැනීම සංරයිසස් කණ්ඩායමට අපහසු වී තිබෙන්නේ පසුගිය තරඟවාර වල සාර්ථකම විදෙස් ක්‍රීඩකයා ලෙස වෝනර් දක්ෂතා දැක්වීම නිසාය.

කෙසේ නමුත් මෙම අඩුව පිරවීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් පිල විසින් ඔවුන්ගේ කණ්ඩායමට අහිමු වූ ප්‍රහාරාත්මක පිතිකරුවාට ආදේශයක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තම කණ්ඩායමට ලබා ගැනීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවට වාර්තාවන අතර ඉදිරි දින කිහිපයේ එය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිත බවද ඉන්දීය වෙබ් අඩවියක් ඊයේ වාර්තා කර තිබිණි.

කුසල් ජනිත් පෙරේරාරා පසුගියදා නිමාවු නිදහස් කුසලාන තරගාවලියේ වැඩිම ලකුනු ලාභියා වු අතර අභාදයෙන් පසුව පිටියට පැමිණීමෙන් පසුව ඉහල දක්ෂතා පෙන්වූ කුසල් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම T20 ලකුණු 1000 ට පැමිණි ක්‍රීඩකයා බවටද පසුගියදා පත් විය.

කුසල් කණ්ඩායමට එකතු කර ගැනීම ගැන සංරයිසස් බලධාරියෙකු පවසා තිබුනේ එය හොඳ ආදේශකයක් බවය.

”ඔව් අපි කුසල් පෙරේරා සම්භන්ද කර ගන්න එක ගැන දැන් කතා කරලා තියනවා.අපිට අවශ්‍ය වන්නේ පන්දු යවන්නන් විනාශ කරන පිතිකරුවෙක්,කුසල් කියන්නෙත් වෝනර් වගේ ඒ ජාතියේ පිතිකරුවෙක්.ඔහුගේ පහුගිය වාර්තා බැලුවම ඒක හොඳටම පැහැදිලි වෙනවා.තවමත් අපේ අවසාන තීරණය අරගෙන නෑ,අපේ අවසාන තීරණය ප්‍රකාශ කිරීම එක්ක කුසල් අපිට සම්භන්ද කර ගන්න පුළුවන් වෙයි කියල ලොකු බලාපොරොත්තුවක් අපිට තියනවා.”

මෙවර IPL තරඟාවලියට කුසල් ක්‍රීඩා කළහොත් මෙය ඔහුගේ දෙවන IPL තරඟාවලිය විය හැකි අතර මීට පෙර රාජස්ථාන රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් කුසල් ක්‍රීඩා කර ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top