gossip

මට 0/L වලට තිබුනෙ පට්ටම පජාත රිසල්ට් එකක්

වෙලාව 10:47 ට විතර ඇති

චරිත සර්ගෙ Prize giving එකට එනව කිව්ව නලුව එනකං හැමෝම වගේ බලං හිටියේ.
ඒ අතරෙම කවුරුත්ම නොහිතපු විදිහට කලින් දවසේ රෑ ජනප්රියම නලුවා වෙච්ච කූඹියෝ එකේ ජෙහාන් ඇවිල්ලා ස්ටේජ් එකේ හිටගත්තා.

ඉතිං කොහොම කොහොම හරි කොල්ලන්ගේ අත්පුඩියි විසිල් සද්දෙයි ඉවර වෙනකං ඉඳලා ජෙහාන් කටහඬ අවදි කළා.

“හරි…හොඳයි මං පුංචි කතාවක් කියන්නං…හැබයි මං ගෙන කියවනවා කියලා නං හිතන්න එපා…

මට ඕ ලෙවල් රිසාල්ට් එක විදිහට තිබ්බේ පට්ට අප්සට් පජාත රිසාල්ට් එකක්…ඉතිං අපේ ඉස්කෝලේ ආඩම්බරකාර නීති වලට අනුව මට ඒ ලෙවල් කරන්න අවස්ථාව ලැබුන් නෑ…ඉතිං මේක ගෙන අපේ තාත්තා මාරම අප්සට් එකේ හිටියේ…දවසක් මං අහගෙන තාත්තා ඉස්සරහ ගෙදර මාමා එක්ක මං ගෙන දුක කියනවා…ඒත් එක්කම අර මාමා අපේ තාත්තට කිව්වේ දුක් වෙන්න එපා පවුලක හරකා බාන වතුපිටි බලාගන්නත් කවුරු හරි ඉන්න ඕනෙහ් කියලා…

ඒක ඇහුන වෙලාවේ ඉඳන් මං හිතා ගත්තා අපේ ගෙදර එහෙව් එකා නං මම වෙන්නෑ කියලා…
ඉතිං තිබ්බ පුංචි පිනකට මට ආර්ට්ස් වලින් ඒ ලෙවල් කරන්න චාන්ස් එක හම්බුනා…හිතේ තිබ්බ පට්ටම මොරාල් එකත් එක්ක වැඩේට බැස්සා…මුලින්ම කලේ ඒ දවස් වල තිබ්බ ප්රේම සම්බන්ධෙ නතර කරපු එක…ඒ නංගිට මං කිව්වා අපි ඒ ලෙවල් වලින් පස්සෙ ආපහු හම්බවෙමු කියලා…ඊට පස්සෙ කලේ තිබ්බ හැම යාලු මිත්ර සම්බන්ධයක්ම නවත්තපු එක…

කොහොමහරි ඒ අවුරුදු දෙකත් ගෙවිලා ගිහිල්ලා කැම්පස් යන්නම සමත් වෙන්න පුලුවන් උනා…ඉතිං අද මම කතිකාචාර්ය කෙනෙක් වෙලා මේ තැන ඉන්නේ හැමදේම නවත්තලා පුංචි අවුරුදු දෙකක් හරියට වැඩ කරපු හින්දා…”
ඒ හින්දා නංගි මල්ලි ඔයාලත් ජීවිතේට එක පාරක් විතරක් එන මේ අවස්ථාව මග ඇර ගන්නැතුව හරියට වැඩ ටික කරගන්න…”

ඒ විදිහට පට්ටම කතාවක් කරලා ස්ටේජ් එකෙන් බැස්ස ජෙහාන්ට අපේ හිත්වල තිබ්බ ආදරේ තවත් වැඩි උනා…
අන්න ඒ හින්දා…
මේ පාර ඕ ලෙවල් ලියලා රිසාල්ට්ස් එනකං ඉන්න නංගිල මල්ලිලට කියන්නේ…ජෙහාන් අයියා කිව්වා වගේ…ඕ ලෙවල් රිසාල්ට් එක මොකක් උනත් ඒක ගෙන වැඩිය හිතන්නේ නැතුව ඒ ලෙවල්ස් ගොඩ දාගන්න බලන්න..

උපුටාගැනීම : හිරාන් රණසිංහ සොහොයුරාගෙන්

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top