මෙම මාධ්‍ය හමුවේදී ස්මිත් හඩමින් කතා කළේය.
“මගේ කණ්ඩායම් සඟයන්ගෙන්, ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්, කනගාටුවෙන හා කේන්තියට පත් සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම… මට සමාවෙන්න. මට පැහැදිලිව කියන්න අවශ්‍යයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මම මෙහි වගකීම බාර න්නවා. මම වැරදි තීන්දුවක් ගත්තා. ඒක මගේ නායකත්වයේ දුර්වලතාවක්. මගේ වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම දේම මම කරනවා.
මම දන්නවා මේ හේතුවෙන් ඉදිරියේදී මගේ ජීවිතයේ හැම අවස්ථාවකම කනගාටු වේවි. කාලය ගත වීමෙන් මට සමාව ලබා ගැනීමට හා ගෞරවක් ලබා ගැනීමට හැකි වේවි. මගේ රට නියෝජනය කිරීමට ලැබීමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ලැබීමත් ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක්. ඒක මගේ ජීවිතය වුණා. මම බලාපොරොත්තුවෙනවා නැවතත් මට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි
ඊයේ (28) දකුණු අප්‍රිකාවේ ගුවන් තොටුපලෙන් සිය රට බලා පිටත්ව ගිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත් ආරක්ෂකයින් විසින් රැගෙන ගිය ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු අප්‍රසාදය පළකර තිබෙනවා.
ඔහු අපරාධකරුවෙකු ලෙසින් රැගෙන යන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර එය එසේ සිදුවිය යුතු නැතැයි ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු පවසා තිබුණේ දකුණු අප්‍රිකානු පොලිසියටද දෝෂාරෝපණ එල්ලකරමින්.
එහිදි ස්ටීව් ස්මිත් දැඩි අපහසුතාවයට පත්ව සිටින අයුරු ඔහුගේ ස්වරූපයෙන් පෙනී යන අතර මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම වැලැක්වීම සඳහා පොලිසිය මේ ආකාරයෙන් ක්‍රියාකරන්නට ඇතැයි අතැමුන් පවසා තිබුණා.
මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පුහුණුකරු වන ඩැරන් ලීමන් ප්‍රථම වතාවට මාධ්‍යවෙත අදහස් දක්වා තිබුණු අතර ඔහුගේ නිවේදනය සංවේදී එකක් වූ අතර ක්‍රීඩා පිටියේදී සිදුවූ සිදුවීමට සියළු දෙනාගෙන්ම සමාව ඉල්ලීමට ඔහු මෙහිදී කටයුතු කර තිබුණා.
හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් අද (29) සිඩ්නි නුවර පැවති මාධ්‍ය හමුවකදී ඉතා හැඟුම්බර විය.
මෙම මාධ්‍ය හමුවේදී ස්මිත් හඩමින් කතා කළේය.
“මගේ කණ්ඩායම් සඟයන්ගෙන්, ලෝකයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන්, කනගාටුවෙන හා කේන්තියට පත් සෑම ඔස්ට්‍රේලියානුවෙකුටම… මට සමාවෙන්න. මට පැහැදිලිව කියන්න අවශ්‍යයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස මම මෙහි වගකීම බාර න්නවා. මම වැරදි තීන්දුවක් ගත්තා. ඒක මගේ නායකත්වයේ දුර්වලතාවක්. මගේ වරද නිවැරදි කර ගැනීම වෙනුවෙන් කළ හැකි හැම දේම මම කරනවා.
මම දන්නවා මේ හේතුවෙන් ඉදිරියේදී මගේ ජීවිතයේ හැම අවස්ථාවකම කනගාටු වේවි. කාලය ගත වීමෙන් මට සමාව ලබා ගැනීමට හා ගෞරවක් ලබා ගැනීමට හැකි වේවි. මගේ රට නියෝජනය කිරීමට ලැබීමත් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමට ලැබීමත් ගෞරවයක්. ක්‍රිකට් කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨ ක්‍රීඩාවක්. ඒක මගේ ජීවිතය වුණා. මම බලාපොරොත්තුවෙනවා නැවතත් මට ක්‍රීඩා කිරීමට හැකි වෙතැයි කියා. හොඳ මිනිසුන් පවා වැරදි කරනවා. නමුත් මම විශාල වැරැද්දක් කළා. මම කාටවත් දොස් කියන්නේ නෑ.
මම ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායකයා. කේප් ටවුන්හිදී සිදුවුණ දේ පිළිබඳව සම්පූර්ණ වගකීම මම බාර ගන්නවා.”
දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පලූදු කිරීමේ සිදුවීමට වැරදිකරු වූ ස්මිත්ට වසරක තරඟ තහමක් පැනවිණි.
‘‘ ලෝකවාසි සියලුම ක්‍රිකට් රසිකයින්ගෙන් , ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් සහ කණ්ඩායමේ සමාජිකයන්ගෙන් මම සමාව ඉල්ලනවා.
මම සියලු වගකීම් ගන්නවා එය නායකත්වයේ සිදුවූ වරදක්,මගේ වරදක්
මේ සිද්ධියෙන් අනෙක් අයට පාඩමක් ඉගෙන්ගන්න පුලුවන්.මේකෙන් වෙන්න තියන එකම හොඳ ඒකයි.
ටෙස්ට් පිටියේ වාර්තා පිට පිට වාර්තා තබමින් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ට පවා බොහෝ දෙනා සමකළ මෙම සුපිරි ක්‍රීඩකයා හැඟුම්බර දෙනෙතින් කළ ප්‍රකාශය සංවේදී අවස්ථාවක් විය.
මේ අතර වොනර්ද ටුවිටර් පණිවුඩයක් එකතුකර තිබුනා
”ඕස්ට්‍රේලියාවේ වගේම ලොව පුරා ඉන්න සියළුම ක්‍රිකට් ලෝලීන් වෙත, මම දැන් සිඩ්නි නගරයට එන ගමන් ඉන්නේ, මම මගේ අතින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවුණු දේ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මට තේරෙනවා මේ සිද්ධියෙන් ක්‍රීඩාවට වගේම ක්‍රීඩාලෝලීන්ට සිදුවුණු පීඩාව. ඒ සිදුවීම කැලලක් ඇති කලා.. මං පොඩි කාලේ ඉඳන් ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩාවට.
මට ටික කාලයක් මගේ පවුලේ අය, යාලුවෝ වගේම විශ්වාසවන්ත උපදේශයෙක් එක්ක කාලය ගතකරන්න ඕනි. ඔබට මාව ඇහුම්කන් දෙන්න පුලුවන් වෙයි දින කිහිපයකින්..”යැයි ඩේවිඩ් වෝනර් වැඩිදුරටත් පවසා තිබෙනවා.