ක්‍රිඩා

වෝර්නට සහ ස්මිත්ට වසරක ක්‍රිකට් තහනමක්

පන්දුව පළුදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා නවක ක්‍රීඩකයකු යොදාගැනීමට වරදකරුවන්  වීම හේතුවෙන්  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මේ දෙදෙනාටම වසර දෙකක් යනතුරු කණ්ඩායම මෙහෙයවීමද තහනම් කර ඇත. 

පන්දුව පළුදු කළ ක්‍රීඩකයා වූ කැමරන් බැන්ක්‍රොෆ්ට මාස 9 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

මෙම සිදුවීම මුල්කරගෙන ස්ටීවන් ස්මිත්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ටෙස්ට් තරගයක් තහනම් කරන ලදි.

එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේම පරීක්ෂණයක් කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය  සිද්ධියට සම්බන්ධ තිදෙනාටම වඩා  බරපතළ දඬුවම් නියම කර ති⁣බේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top