නිමාවූ නිදහස් කුසලාන තරගාවලියෙන් පසුව තම මවු රට බලාගිය ඉන්දීය කණ්ඩායම පසුගියදා පුහුණු සැසියක් සදහා සහභාගී වී තිබුනා.එයට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිද සහභාගී වී තිබුනා.
එහිදී නිදහස් කුසලානය ජයග්‍රහණය කර ආ කණ්ඩායමට සුභ පැතු විරාත් කෝලි සහභාගී වූ තරගාවලියේ අත්දැකීම් ක්‍රීඩකයින්ගේ අසා තිබු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුනා.එහිදී ක්‍රීඩකයින්ගේ බංග්ලාදේශය ගැන මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ගැනද පවසා තිබුනා.
එහිදී ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පවසා ඇත්තේ ලංකාව ෆයිනල් ආවානම් කුසල් මෙන්ඩිස් තරගාවලියේ වීරයා වෙන්න ඉඩ තිබුනා.
කුසල් මෙන්ඩිස් ගැන අදහස් දක්වමින් විරාත් කෝලි පවසා තිබුනේ පෙර තරගාවලි වලට වඩා මෙම තරගාවලියේ දැක්වූ දක්ෂතා තමන් දුටු බවත් ඉදිරියේදී ඔහු අභියෝගයක් වනු ඇති බවත් පෙන්වා දී තිබෙනවා.මිට පෙර විරාත් කෝලි විසින් කුසල් මෙන්ඩිස් හට ක්‍රිකට් පිත්තක් තෑග්ගක් ලෙස ලබා දී තිබුනා.