News

පලාත් සභා මන්ත්‍රි අමල් සිල්වා වෙඩි වැදී රෝහලේ

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා මහතා වෙඩි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයයි.

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තැබීම සිදු කර පලා ගොස් අතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මන්ත්‍රිවරයාගේ දකුණු කකුලේ දණහිස අසලට වෙඩි වැදි ඇති බවත් රෝගියාගේ තත්වය බරපතල නොවන බවත්ය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top