News

සමාජ ජාල පාලනය සාර්තකයි.ඊමේල් සහ වෙබ් අඩවි පාලනයටත් පියවර

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් වැනි සමාජ ජාල මාධ්‍ය අත්හිටුවීමට ගත් පියවර මගින් මහනුවර හා අනෙකුත් ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පාලනය කිරීමට විශාල පිටුවහලක් ලැබුණු බව පොලිස් දෙපාර්තමේන්තුව රජයට වාර්තා කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(08දා) පෙරවරුවේ පැවති ආරක්ෂක ප්‍රධානීන්ගේ රැස්වීමේදී පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා මේ බව පවසා ඇත.

මහනුවර සිද්ධි වැනි තත්ත්වයන් ඇතිවන අවස්ථා වලදී ෆේස්බුක් සමාජ ජාල පාලනය කළයුතු ආකාරය පිළිබඳව ජර්මනිය සහ පිලිපීනය සතු තාක්ෂණ දැනුම ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද ඉහත සාකච්ජාවේදී ආරක්ෂක ප්‍රධානීන් අගමැතිවරයාට ප්‍රකාශ කර තිබේ.

ඊට අමතරව විද්‍යුත්,තැපැල් හා වෙබ් අඩවි පාලනය සඳහා චීනය අනුගමනය කරන තාක්ෂණ ක්‍රමවේද ගැන අවධානය යොමුකර ඒවා මෙරට ප්‍රයෝජනයට ගත හැකි ආකාරය පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top