News

මහනුවර ගැටුමේ නිර්මාණකරුවන් 10 ක් අත්තඩංගුවට

මහනුවර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඒ අනුව එම කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පරීක්ෂණ ආරම්භ කළ බවත් එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දස දෙනා අත්අඩංගුවට ගත් බවත් ගුණසේකර මහතා පවසයි.

මෙම ක්‍රියාවන්ට සම්බන්ධ ප්‍රධාන සැකකරු විදාන පතිරණගේ අජිත් ජීවන් වීරසිංහ බවත් අනිත් ප්‍රධාන සැකකරු සුරේද සුරවිර බවත් අත්අඩංගුවට ගත්තවුන් අතර මේ දෙදෙනාද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

මෙම සැකකරුවන් දිගන හා පූජාපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් අට දෙනකුම මහනුවර දිස්ත්‍රික්කයෙන් පිට පදිංචිකරුවන් බව පොලිසිය කියයි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙය සැලසුම් කළ ආකාරය ගැන අනාවරණය වෙමින් පවතින බවත්, එම තොරතුරු අනුව මීට සම්බන්ධ සෙසු සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් එක් ප්‍රධාන සැකකරුවකු ගිංතොට කළබලය අවස්ථාවේ එම ප්‍රදේශයේ විහාරස්ථානයකට ගොස් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන ආකාරය ප්‍රදේශයේ තරුණයන්ට කියා දී ඇතැයි ද, ඔහු ගැන එදිනම පොලිසියට දැනුම්දී ඇතැයි ද දැනගන්නට තිබේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top