News

තත්වය පාලනයට මහනුවර නගරයට ඇදිරි නීතිය

තෙල්දෙණිය ප්දේශයේ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා මිය යාමත් සමඟ පසුගිය 03 වනදා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා.සිදුවීම වුන දින රාත්‍රියේ කුමාරසිංහ නමැති තරුණයෙකුගේ ලොරි රථය පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට ඉස්සර නොකිරීමට දුන් බව පවසමින් එම ත්‍රීරෝද රථයේ සිටි තරුණයන් හතරෙදෙනෙකු විසින් ඔහුට අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව අදාල තරුණයා මියගොස් තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය මුල්කර ගනිමින් ඊයේ දිනයේ සිට ප්‍රදේශයේ උණුසුම් කාරී තත්වයක් ඇති වී තිබුණා. අදාල සිද්ධිය මුල්කර ගනිමින් වෙළඳසල් කිහිපයකට පහරදී ඇති අතර එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඇතිවී තිබෙන තත්වයත් සමඟ ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙන බව ද වාර්තා වෙනවා.

මිට අමතරව වහාම ක්‍රියාත්මක වන පරිදි මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මෙම පොලිස් ඇදිරි නීතිය හෙට (06) උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top