News

සාලිය වැව ජල පොම්පාගාරය ගිනිගෙන විනාශ වෙයි

සාලියවැව පානීය ජලයෝජනා ක්‍රමයට අයත් කලාඔය පාලම අසල පිහිටි ජල පොම්පාගාරය අද (5) ගිනිගෙන දැවී ගොස් තිබේ.

ගින්නෙන් පොම්පාගාරයට දැඩි අලාභයක් සිදුවී ඇති අතර ගින්නට හේතුව අනාවරණය වී නොමැත.

ගින්න ඇතිවන අවස්ථාවේ දී කිසිවෙකුත් එහි නොසිටි බවත් මෙතෙක් එහි ස්ථීරව සේවකයකු රැදවීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවත් එම ජලයෝජනා ක්‍රමයේ ස්ථාන භාර නිලධාරි අජිත් මුණසිංහ පෙරේරා මහතා පැවසීය.

ගින්න තරමක් දුරට හෝ මැඩපැවැත්වීම සඳහා කලාඔය යුද හමුදා කදවුරේ සහයෝගය ලැබුණු බවත් ඔහු කීය.

මෙම පොම්පාගාරයේ ජල මොටර් 3ක් සවිකර ඇත. එමගින් සැතපුමක් පමණ දුරින් පිහිටි ජල පවිත්‍රාගාරයට නිරන්තරව ජලය පොම්ප කෙරේ.

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top