News

තෙල් දෙණියට ජන ගගක්

හෙට උදෑසන 6 දක්වා මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවූ බව පොලීසිය සඳහන් කරනවා.

දිගන තෙල්දෙණිය ප්‍රදේශයේ මේ වන විට ඇතිව තිබෙන කලහකාරි තත්වය පාලනය කිරීම සඳහා පොලෂිය මෙම පියවර ගෙන තිබෙනවා

තෙල්දෙණිය ප්දේශයේ තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා මිය යාමත් සමඟ පසුගිය 03 වනදා ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවුනා.

සිදුවීම වුන දින රාත්‍රියේ කුමාරසිංහ නමැති තරුණයෙකුගේ ලොරි රථය පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයකට ඉස්සර නොකිරීමට දුන් බව පවසමින් එම ත්‍රීරෝද රථයේ සිටි තරුණයන් හතරෙදෙනෙකු විසින් ඔහුට අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව අදාල තරුණයා මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික තරුණයින් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවා.

කෙසේ වෙතත් මෙම සිද්ධිය මුල්කර ගනිමින් ඊයේ දිනයේ සිට ප්‍රදේශයේ උණුසුම් කාරී තත්වයක් ඇති වී තිබුණා. අදාල සිද්ධිය මුල්කර ගනිමින්  වෙළඳසල් කිහිපයකට පහරදී ඇති අතර  එම පහරදීම්වලට සම්බන්ධ යයි සැකකරෙන පුද්ගලයන් 24 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඇතිවී තිබෙන තත්වයත් සමඟ ප්‍රදේශයේ ආගමික ස්ථානවලට ද විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති අතර තෙල්දෙණිය නගරයේ කඩසාප්පු සියල්ලම පාහේ වසා දමා තිබෙන බව ද වාර්තා වෙනවා.

තෙල්දෙණිය ප්‍රදේශයට මේ වනවිට විශාල ජනතාවක් සහ ස්වාමීන් වහන්සේ පැමිණ ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

 

  
 
Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top