ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකාහී මීර්පූර් නුවරදී දෙවැනි දිනටත් අද (09 වැනිදා) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය තේ පානය සදහා නතර කරනවිට දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකාව ලකුණු 87 කට කඩුලු 3 ක් අහිමිකර ගත්තේය. දිමුත් කරුණාරත්න ලකුණු 29 ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 4 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටින අතර බංග්ලාදේශයට වඩා ලකුණු 199 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාව සමත්වී ඇත.

.jpg)
මෙම තණතීරුවේ පිත්කරුවන්ට ලකුණු ලබාගැනීමට ඉතා අසීරු තත්ත්වයක් පවතින අතර දිවා ආහාරය සහ තේ පානය අතර පැය දෙකක කාළය තුළ පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න පන්දු 88 කට මුහුණදෙමින් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 23 ක් පමණි.
තරගයේ පළමු දිනයවූ ඊයේ දිවා ආහාරය තෙක් කාළය තුළ ලකුණු 105 ක් සහ දිවා ආහාරයෙන් පසුව තේ පානය තෙක් කාළය තුළ ලකුණු 100 ක් රැස්කිරීමට පිතිකරුවන් සමත්වූ අතර තේ පානයෙන් පසුව දිනය නිමාවන තෙක් රැස්කිරීමට හැකිවූයේ ලකුණු 73 ක් පමණි. කෙමෙන් කෙමෙන් ලකුණු ලබාගැනීමේ වේගය අඩාල වන අතර අද දින දිවා ආහාරයට පෙර කාළය තුළ ලකුණු 63 ක් රැස්කළ අතර දිවා ආහාරය සහ තේ පානය අතර කාළය තුළ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 78 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවසන් කඩුලු 5 ලකුණු 3 ක් තුළ දවාගැනීම හේතුවෙන් බංග්ලාදේශයට සියලුදෙනා දැවී පළමු ඉනිමේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110 ක් පමණි. ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේදී රැස්කළ ලකුණු සංඛ්‍යාවට වඩා ලකුණු 112 ක් ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ඊයේ දිනය නිමාවනවිට ලකුණු 56 කට කඩුලු 4 ක් අහිමිකරගෙන සිටි බංග්ලාදේශය අද දිවා ආහාරයට තවත් මිනිත්තු 25 පමණ ඉතිරිව තිබියදිත් එක් කඩුල්ලක් අහිමිව ලකුණු 51 ක් රැස්කරමින් කඩුලු ආරක්ෂා කරගැනීමට සමත්විය. නමුත් නොසිතු අයුරුන් මංගල තරගයට ක්‍රීඩාකරන අකිල ධනංජය මංගල කඩුල්ල ලෙස බංග්ලාදේශ නායක මහමදුල්ලා ලකුණු 17 කට දවාගනිමින් කඩුලු දඩයම ඇරඹීමත් සමගින් තරගය උඩුයටිකුරු විය.
ඊයේ බංග්ලාදේශ ඉනිමේ කඩුලු 4 ක් දැවී යාමෙන් පසුව මුරකරු පිතිකරු ලෙස පන්දුවට පහරදීම සදහා පැමිණි මෙහෙදි හසන් සමගින් එක්ව හයවැනි කඩුල්ල සදහා ලකුණු 34 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මහමදුල්ලා සමත්විය. ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටි මුරකරු පිතිකරුවා ලකුණු 38 ක් රැස්කරමින් බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිකිකරුවා බවට පත්විය.
මහමදුල්ලා දැවීයාමෙන් පසුව පිටියට පිවිසි සබීර් රහ්මාන්ට මුහුණ දිමට හැකිවූයේ පන්දු තුනකට පමණි. අකිල ධනංජය යැවූ පන්දුවකට ලබාදුන් උඩපන්දුව දිනේෂ් චන්දිමාල් විසින් දක්ෂ පන්දු රැකීමක නිරත වෙමින් රැකගැනීම හේතුවෙන් සබීර් රහ්මාන්ට ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත්වීමට සිදුවිය.
නැවතත් ක්‍රියාත්මකවූ අකිල ධනංජය සිය තෙවැනි කඩුල්ල ලෙස තමන් යැවූ පන්දුවකට නැවත ලබාදුන් උඩපන්දුව රැකගැනීමත් සමගින් බංග්ලාදේශ අටවැනි කඩුල්ල ලෙස අබ්දූර් රසාක් දැවී ගියේය.
සිලි-පොයින්ට්හි පන්දු රකිමින් සිටි කුසල් මෙන්ඩිස් කඩුල්ල වෙත ඉක්මන් පන්දු යොමුකිරීමක් හේතුවෙන් ඩිල්රුවන් පෙරේරාගේ පන්දුවකට ඉදිරියට පැමිණ පන්දුවට පහරදුන් තයිජුල් ඉස්ලාම්ට නැවතත් සිමා ඉර වෙත නැවත යෑමට අවස්ථාවක් හිමිනොවීය.
අවසන් කඩුල් ලෙස පන්දුවට පහරදීමට පැමිණි මුස්ටෆිසුර් රහමාන් මුහුණදුන් පළමු පන්දුවෙන්ම කඩුල් මුවා කළේ යැයි ඩිල්රුවන් පෙරේරා කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන විනිසුරුවරය ඔහු දැවී ගිය බවට තීරණය කළේය. ඉන් සෑහිමකට පත්නොවූ මුස්ටෆිසුර් රහමාන් විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට අවස්ථාව ඉල්ලා සිටි අතර පුණරූපන නැරඹු තෙවැනි විනිසුරු විසින් ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟ වෙමින් ඔහු දැවී ගිය බවට තීරණය කළේය.
මෙහෙදි හසන් සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා ලකුණු 28 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ලිටන් දාස් අද දින පළමු කඩුල්ල ලෙස සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ලකුණු 25 කට දැවී ගියේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
උපුටා ගැනීම ලංකාදීප