News

ලේ සාම්පල වංචාවක්

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් විදේශිකයින්ගේ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන රසායනාගාරයක සේවකයින් එක්ව සිදු කරන ලද වංචනික ක්‍රියාවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් විමර්ෂණ අංශ නිලධාරීන්ට හැකි වු බව සෞඛ්‍යඅමාත්‍යාංශයේසහකාරසෞඛ්‍යලේකම්,ආචාර්යමජ්ඩි අල්-කැටන් ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

ඊජිප්තු ජාතිකයින් හතර දෙනෙක් හෙපටයිටිස් රෝගී තත්ත්වයෙන් පිඩා විදිමින් සිට ඇති අතර ඔවුන්ගේ ලේ සාම්පල පරීක්ෂා කිරීමට රසායනාගරයට භාර දුන් පසු ඔවුන්ට රෝගී තත්ත්වයන් වැළදී නැති බවට වාර්තා නිකුත් කිරිමෙන් පසු පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත.

ව්‍යාජ ලිපි ලේඛන සහ නිල මුද්‍රා භාවිතා කරමින් ඊජිප්තු ජාතික කාන්තාවකගේ උපදෙස් මත වංචාවන් විශාල ප්‍රමාණයක් සිදු කර ඇති බව මුලික පරීක්ෂණ වලින් අනාවරණය කරගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇත.

විදේශ කටයුතු, සෞඛ්‍ය යන අමාත්‍යාංශවල නිලධාරීන් කීපදෙනෙකු සහ රසායනාගාරයේ ආරක්ෂක අංශ නිලධාරියකු  වංචාවන්ට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. නීතිමය කටයුතු කරගෙන යෑම සදහා වංචාවට සම්බන්ධ සියලුම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සහකාර සෞඛ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත්)

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top