ලෝකය

ලොව ප්‍රභලතම රොකට්ටුව අගහරු බලා ගමන් ආරම්භ කරයි

මිනිසා විසින් නිර්මාණය කරනු ලැබූ ප්‍රබලතම රොකට්ටුව ලෙසින් හැඳින්වෙන ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව ගුවන්ගත වී අඟහරු බලා ගමන් ආරම්භ කළේය.

මෙම රොකට්ටුව අඟහරු යැවීම සිදු කළේ අත්හදා බැලීමක් ලෙසිනි. නාසා විද්‍යාඥයන් යානය මෙහෙයවීම කරයි. රොකට්ටුව අඟහරුගේ කක්ෂයට පිවිසීමට නියමිතව ඇත. ඒ, තව වසරක පමණ කාලයකිනි.

‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව නිර්මාණය කළේ ‘ස්පේස් එක්ස්’ නමැති පෞද්ගලික ඇමෙරිකන් සමාගමකි. ඔවුන් අනාගතයේ අඟහරු මෙහෙයුම්වල නියැළෙනු ඇත්තේ ඇමෙරිකන් නාසා ආයතනය සමඟ එක් වෙමිනි.

‘ස්පේස් එක්ස්’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා එලොන් මුස්ක්ගේ රතු පැහැති ටෙස්ලා වර්ගයේ මෝටර් රථය රොකට්ටු අඟහරු කක්ෂයට රැගෙන ගියේය. එය සිදුවූයේ මුස්ක්ගේ යෝජනාවකට අනුවය.

රොකට්ටුව ෆ්ලොරීඩාවේ කැනැවරල් තුඩුවෙන් ගුවන්ගත විය. රොකට්ටුව අති ප්‍රබල ඇන්ජින් 27 කින් සමන්විත වෙයි. අති බිහිසුණු පිපිරුම් හඬක් ද සමඟින් රොකට්ටුව ගුවන විදගෙන ඉහළට ඇදී ගියේ යැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකාවේ මීළඟ ඉලක්කය වී ඇත්තේ අඟහරු වෙත මිනිසුන් යැවීමය. ඊට අභියෝග රැසක් පවතී. ප්‍රධාන අභියෝගය නම්, අඟහරු බලා යෑමට ප්‍රබල රොකට්ටුවක් නොතිබීමය. ‘ස්පේස් එක්ස්’ සමාගම මැදිහත් වී, ඇමෙරිකන් නාසා ආයතනය ද සමඟ එක් වී ‘ස්පේස් එක්ස් ෆෝල්කන් හෙවි’ රොකට්ටුව නිර්මාණය කළේ ඒ අනුවය.

(රොයිටර්)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top