News

වැසිකිලියේ දරු උපතක්

පිරිසිදු කිරීම් සමාගමක සේවය කරන විදේශිය සේවිකාවකට ඩුබායි ගුවන් තොටුපලේ වැසිකිලියක් තුළ දරු උපතක් සිදුව ඇතැයි ජීඩීඑන් ඔන්ලයින් වෙබ් අඩවිය කියයි.

ඇය වැසිකිලියේ දොර වසාගෙන පැය හතරකට අධික කාලයක් ඇතුළත සිට ඇති බවත් එහි දී දරු උපත සිදුව ඇති බවත් එම වෙබ් අඩවිය පවසයි.

වෙනත් පිරිසිදු කිරීමේ සේවිකාවකට මෙම සේවිකාවගේ වේදනාත්මක හඬ ඇසී ඒ බව තම ප්‍රධානියෙකුට පවසා ඇති අතර ආරක්ෂඛ අංශවලට දැනුම් දීමෙන් පසු පොලිසිය විසින් වැසිකිළිය පරික්ෂා කර බලා අදාල සේවිකාව හා බිළිඳාට  ප්‍රතිකාර සේවා ලබා දිමට අතුරු වෛද්‍ය සේවා කණ්ඩායමක් යොදවා ඇත.

අදාල සේවිකාව හා බිළිඳා ලතිෆා මාතෘ රෝහලට යැවූ බව ඩුබායි පොලිසියේ ගුවන් තොටුපල ආරක්ෂක අධ්‍යක්ෂ අල් අතික් බින් ලහිජ් පවසා තිබේ.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top