News

හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ – විදේශ අමාත්‍යාංශය

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි කියන සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් අද (7) දහවල් වනතුරුත් ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.

මේ පිළිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top