News

බ්‍රිෙග්ඩියර් ප්‍රියන්ත කියන්නේ කවුද කියලා ඔබ දන්නවද ?

ලන්ඩන් නුවර කොටි හිතවාදීන් විසින් පැවැත්වු උද්ඝෝෂනයකදී ඔවුන්ට පිළිතුරු ලෙස සංඥාවක් නිකුත් කරමින් ලංකා කොඩිය පෙන්වු බ්‍රිගේඩියර්වරයා සම්බන්ධව මේ වන විට සමාජජාල වලින් දැඩි සේ කතා බහට ලක්කරනවා.

ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත. වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ඔහු ජාතිවාදියෙකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුවූයේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටය. කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තමි මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකය.

ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ. ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නකි. එතරම් කුපිතවන සුලු ආකාරයකට සිහින රාජ්‍යයක් හා මියගිය නායකයෙකු ගැන උදම් ඇනීම මෙන්ම 70 වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට හැසිරීමද විවේචනයට ලක්ව තිබේ.

විදේශ අමාත්‍යංශය ඔහුගේ හැසිරීම මැන බලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ වගකීම සම්බන්ධ කෝණයෙනි.

එක් වීඩියෝවක් බලා ඔවුන් ඔහුව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.නමුත් ඔහු ජාතික කොඩියට පෙන්වීමට පෙර ඔවුන්ට සාමාකාමීව උද්ඝෝෂනය කිරීමට ඉඩ ලබා දුනි.එපමනක් නොවේ ඔවුන් හමුවට ගොස් සත්‍ය ප්‍රකාශ කරන විට ඔහුට ත්‍රස්තයන්ගෙන් එල්ලවන වාග් ප්‍රහාරය සමතයකට පත්කරන වීඩියෝවද ඇත.නමුත් විදේශ අමාත්‍යාංශය කොඩිය පෙන්වූ නිසා ගත් තීරණය මේ වන විට සමාජ ජාල තුල මහත් කතා බහට ලක්වෙමින් තිබෙනවා.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වීඩියෝවක් පළනූ පමණින් හමුදා නිලධාරීයෙකුගේ තනතුරක් ඉවත් නොකරන බවත්, පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබදව තීරණය කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වෙත දැනුම්දී තිබෙන බවද සදහන්.

ඇති වී ඇති තත්වය හමු වේ ජනාධිපති මෛත්‍රි පාල සිරිසේන මහතාද ඔහු නැවතත් සේවයේ පිහිටුවන ලෙසත් ඔහුට ආරක්ෂාව සලසන ලෙස ප්‍රකාශ කර ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග මගින් දැන ගැනීමට ලැබෙනවා.

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට අභිමානවත් ලෙසින් මෙරට සමරද්දී විදෙස් රටවලදී ද නිදහස් උත්සව පැවැත්වුණා. ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල එසේ නිදහස් උත්සවය සමරද්දීයි මෙලෙස එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එයට විරෝධය පළ කර තිබුනේ.

යාළුවන්ටත් කියවන්න share කරන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top