ක්‍රිඩා

මැතීව්ස් පරිස්සම් කිරීමට තීරණය කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සීමිත ඕවර නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව පසුපස මස්පිඬුවේ ඇතිවී තිබෙන ආබාධය සම්පූර්ණයෙන්ම සුව වී නැති බැවින් බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකටම ක්‍රීඩා කිරීමේ අවස්ථාවත් ඔහුට අහිමි වී තිබේ. මෙම තරග දෙක මේ මස 15 සහ 18 දිනවලදී බංග්ලාදේශයේ ඩකා සහ ෂිලාත් නගර වලදී පැවැත්වීමට නියමිතය.

ලබන මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ‘නිදහස් කුසලාන’ තුන්කොන් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස්ගේ සේවය අත්‍යවශ්‍ය වන බැවින් විස්සයි-20 තරග දෙකක් සඳහා පමණක් ඔහු කඩිමුඩියේ පිට්ටනියට යවා අවදානමකට මුහුණ දීමේ තේරුමක් නැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top