ක්‍රිඩා

මැතීව්ස්ට ටෙස්ට් තරගාවලියත් අහිමි වෙයි

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම නායකයා වන ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී මේ දිනවල පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ඉදිරි තරග සියල්ලම අහිමි වී තිබේ. දකුණු පාදයේ කලව පිටුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස්ගේ වෛද්‍ය වාර්තා පරීක්‍ෂා කළ එංගලන්ත වෛද්‍ය විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නායකයාට අවම වශයෙන් සති තුනකවත් විවේකයක් අවශ්‍ය වන බවයි.

ඒ අනුව ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියත් අහිමි වන බැවින් මැතිව්ස් නැවතත් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 31 වැනිදා සිට පෙබරවාරි මස 4 වැනිදා දක්වා පැවැත්වේ. ලබන මස 8 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය 12 වැනිදා අවසන් වීමට නියමිතය.

තුන්කොන් තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ මැතිව්ස් එහිදී කලව මස්පිඬුවේ ආබාධයට ලක්වීම හේතුවෙන් දෙවැනි සහ තුන්වැනි තරග සඳහා මැතිව්ස් ක්‍රීඩා නොකළේය. මැතිව්ස් බංග්ලාදේශයේ රඳවාගත්තේ කිසියම් අවස්ථාවක හෝ ඔහුට නැවතත් කණ්ඩායමට එක්විය හැකිය යන බලාපොරොත්තුවෙනි. එහෙත් සෙනසුරාදා ලැබුණු වාර්තා අනුව ඔහු නැවතත් ශ්‍රී ලංකාවට පැමිණිය යුතුව තිබේ.

ටෙස්ට් නායකයා වන දිනේෂ් චන්දිමාල් විසින් කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top