ශ්‍රි ලංකා කණ්ඩායම තරගයට පිවිසියේ එක් වෙනස්කමක් සහිතය.වනිදු හසරංග වෙනුවට සදකැන් කණ්ඩායම කැදවා තිබුණි.
ශ්‍රි ලංකා සිම්බාබ්වේ තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වූයේ වසරේ පලමු ජයග්‍රහනය ශ්‍රි ලංකාවට හිමිකර දෙමිනි.කාසිය වාසිය දිනා ප්‍රතමයෙන් පන්දුවට පහරදිමට තිරනය කල අතර එහිදී කලකට පසුව සාර්තක පන්දු යැවිමක් ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුන අතර පන්දුවාර44 කදී සියලු දෙනාම දැවී සිම්බාබ්වේ කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ ලකුණු 198 ක් පමණි.විශිෂට පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා ලකුණු 33 කට කඩුළු හතරක් ලබාගැනීමට සමත් විය.සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් බේරෙන්ඩන් ටේලර් ලකුණු 58 ක් ලබාගැනීමට සමත් වුණා.
කෙසේ වෙතත් මෙම තරගයේදීද පහසු උඩ පන්දු 3 ක් ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දු රකින්නන් විසින් අත හරිනු ලැබුවා.
පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමේ වෙනදා දකින පිති ප්‍රහාරය අදද දකින්නට ලැබුනේ නැ.දැවීයාමට ගිය අවස්තා කිහිපයක් සිම්බාබ්වේ දුර්වල පන්දු රැකිම නිසා මග හරි ගියා.ප්‍රතම කඩුල්ල ලෙස උපුල්ල තරංග ලකුණු 17 කට දැවී ගියා.පලමු ඕවර 10 නිමා වෙද්දි ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 33 කට කඩුළු 1 ක් දැවී ගොස් තිබුණා.
කෙසේ නමුත් ලකුණු 49 කට කුසල් ජනිත් පෙරේරා දැවී යාමත් සමග ශ්‍රි ලංකා කණ්ඩායම ඉතාමත් දුර්වල පිතිකරන විලාසයක් පෙන් වූ අතර ජයග්‍රහනය සිම්බාබ්වේ දෙසට යොමුව තිබුනා.කෙසේ නමුත් ගුණරත්නගේ දැවී යාමත් සමග පිටියට පිවිසි තිසර පෙරේරා නායක චන්දිමාල් සමග එකතු වී ශ්‍රි ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගිය අතර තිසර පෙරේරා පන්දු 26 කින් 6 පහරවල් 3 ක් සමග ලකුණු 39 ක් නොදැවී ලබාගැනීමට සමත් වුණා.
ඒ අණුව කඩුළු 5ක් දැවී පන්දුවාර 44.2 කදී තිසරගේ අවසන් 6 පහරත් සමග ශ්‍රි ලංකා කණඩායම කඩුළු 5 කින් ජයගනු ලැබුවා.