ලෝකය

ලෝකයට දුප්පත්ම ජනාධිපති වූ ලොව ධනවත්ම ජන අධිපතියා

+++ලෝකයට දුප්පත්ම ජනාධිපති වූ ලොව ධනවත්ම ජන අධිපතියා+++

2009 වසරේ බලයට පත්වූ උරුගුවේ ජනාධිපති Jose Mujica නම් අපූරු මිනිසාව ලෝකය හදුන්වන්නෙ “ලොව දුප්පත්ම ජනාධිපතිවරයා ” ලෙසය..

ඔබ විශ්වාස කරනවාද ඔහුගෙ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 1200ක් වන විට උරුගුවේ රාජ්‍යයේ ඒක පුද්ගල මාසික ආදායම සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් 1750ක අගයක් ගන්නා බවට? ඉතින් ඔහු ලොව දුප්පත්ම ජනාධිපතිවරයා නොවේද?

නමුත් ඔහු දුප්පත් වීම ඔහුගෙ තේරීමකි.. ඔහුගෙ සැබෑ මාසික ආදායම ඇමරිකානු ඩොලර් 12 000ක් වුවත් ඔහු එයින් 90%ක්ම රටේ දිළින්දන් වෙනුවෙන් සහ සුළු ව්‍යාපාරකරුවන් සහ ව්‍යවසායකයන්ට උදව් කිරීම සඳහා පරිත්‍යාග කළේය.

ඔහු සිය බාහිර පෙනුම සහ ඇඳුම් පැළඳුම් ගෙන ලොකු අවදානයක් යොමු නොකළේය.. විවේචන,ගැරහුම් මුලින් ලැබුවත් ඔහු සිය කාර්‍යභාරය ගැන සිතුවා මිසක ඒවා ගැන තැකීමක් නොකළ අයෙකි.

ඔහු දේශපාලනයට ඒමට කලින් එක්තරා කල්ලියක ගරිල්ලා සටන්කරුවෙකු ලෙස කටයුතු කර ඇත.. ඔබට මතකද රොබින්හුඩ්ව? පොහොසතුන්ගෙන් හොරකම් කර දුප්පතුන් අතර ඒ ධනය බෙදාදුන් ෂර්වුඩයේ වීරයා.. Jose කියන්නෙත් එහෙම කෙනෙක්.. ඔහු දෙවතාවක් අවුරුදු 14ක සිර දඩුවම් ලැබුවෙකු වගේම හිරෙන් පැන යන්න හදලා 6 වතාවක් වෙඩි කාපු අයෙක්.. නමුත් ඔහු දුප්පතුන් වෙනුවෙන් සටන් කිරීම ජනාධිපති වුනාට පසුවත් නැවැත්තුවේ නම් නෑ..

ඔහු උරුගුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුනු සුවපහසු නිළ නිවාසය වෙනුවට තෝරගත්තේ සත්ව ගොවිපළක් ආශ්‍රයෙ තිබෙන ඔහු සහ බිරිඳ ජීවත් වෙන නිවස..ඔහු ජනාධිපති මන්දිරයේ කෞතුකාගාරයක් ස්ථාපනය කරලා පැරණි ජනාධිපතිවරුන්ට ගෞරවයක් ලබාදෙන්න වැඩ පිළිවෙලක් සකස් කරා… ගොවිපළක දිවි ගෙවමින් නිදහස් සාමකාමී දිවි පෙවෙතක් ගෙවමින් තමාගෙ සුඛ විහරණය රටේ ජනතාව වෙනුවෙන් කැප කළ Jose “සරළ ජනපති” යන්නෙහි අර්ථය වචනයට නොව ක්‍රියාවෙන්ම පෙන්වූ අයෙක් ලෙස ලෝකයේම අවධානය දිනා ගන්නට සමත් වෙනවා..

ඉඩ තියෙන වෙලාවට ඔහුත් වගා කරනවා.. ඔහුගෙ ගොවිපළේ වැවෙන පැළ, මල් වර්ග විකුණනවා.. රටේ ගොවියන්ට මුහුණ පාන්නට සිදුවන ප්‍රායෝගික ප්‍රශ්න සියල්ල Jose අත් විදිනවා.. ඒ වගේම Jose ට තිබුනෙ 1987 වර්ශයේ නිපදවපු Volkswagen Beetle වර්ගයේ කාර් එකක්…ඔහුට පෞද්ගලික රියදුරන් හිටියෙ නෑ.. ඔහු එරට ඉහළ මන්ත්‍රණ සභාවට, සිය ඇමති මණ්ඩලය හමුවෙන්න සියල්ලටම යන්නෙ මේ පරණ මොඩලයේ කාර් රථයෙන්..

බලන්නකො ඒ කාර් එකෙ හැටි නේද? එහෙම හිතෙන ලෝකයක තමන්ගෙ ජනතාවට සේවය කරන්න සුවපහසු වාහනයක් ඕන කියලා ඉල්ලලා ගන්න ඇමතිවරුත් ඉන්න රටක අපි ඉන්නෙ කියලත් මතක තියාගන්න..

Jose ජනාධිපතිතුමාට හිටියේ ආරක්ශයො දෙදෙනයි .. තව කකුල් හතරේ ආරක්ශකයෙක් හිටියා “Manuela” කියලා.. ඔහුගෙ වාර්ශික වත්කම් ප්‍රකාශනය එළි දක්වපු නිළධාරීන් පවා පුදුම වෙනවා ඔහුගෙ වත්කම් වලට තිබුණෙ ඩොලර් 1800ක ක්ශය වටිනාකමකින් යුක්ත වුනු Volkswagen Beetle කාර් රථය විතරක් වීම ගැන.. මෙරට වත්කම් එළි දක්වන්න කීවාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 6 දෙනෙක් පමණයි පරක්කු වෙලා හරි කැමති වුනෙ..

වරක් ඔහුගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ඔබ ලෝකයේ දුප්පත්ම ජනාධිපතිවරයා කියන්නෙ ඇත්තද කියලා..

“I’m not the poorest president. The poorest is the one who needs a lot to live… My lifestyle is a consequence of my wounds. I’m the son of my history. There have been years when I would have been happy just to have a mattress. I am just happy with what I am”

( මම දුප්පත්ම ජනාධිපතිවරයා නෙමෙයි . දුප්පත්ම ජනාධිපතිවරයා කියන්නෙ හුඟක් අවශ්‍ය කෙනා ජීවත් වීම සඳහා.. මගෙ ජීවිතය මගෙ තුවාල වලින්ම වුන පෙළගැස්මක්.. අවුරුදු ගාණක් තිබුණා මම මෙට්ටයක් තිබීම ගැන විතරක් සතුටු වුනු. මම සතුටු වෙනවා අද මම ගත කරන ජීවිතය ගැන)

ගොඩ ගසාගෙන ජීවත් වෙන ධනවත් මිනිසුන්ගෙ ජීවිත තුළ නැති නිදහස, සැනසීම සහ සරළකම භෞතික සැප සම්පත් ලැබීමට හොදටම ඉඩකඩ තිබියදීත් මඟ හැරපු Jose Mujica ජනාධිපතිවරයා 2009 සිට 2014 දක්වා උරුගුවේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරලා අවුරුදු 77දි දේශපාලනයෙන් සමුගන්නවා..

Jose දේශපාලනයට එනකොට තිබුණෙත් Volkswagen Beetle කාර් එක විතරයි..සමුගන්න කොට තිබුනෙත් එයම විතරයි..හැබැයි කාර් රථයෙත් ආර්ථික ආයු කාලය අඩු වීම තමයි වෙලා තියෙන්නෙ.. අපි ජීවත් වෙන්නෙ බලය අත් හරින්න අකමැති නායකයො බල තණ්හාව නිසාම තියෙන ගෞරවයත් නැති කරගන්න, කොච්චර පැරදුනත් ලැජ්ජාවක් නැති , පොරොන්දු කඩ කරමින් අවුරුද්දක් හරි වැඩියෙන් බලයෙ ඉන්න බලන රටක..

ඉතින් Jose Mujica කියන්නෙ ලෝක දේශපාලනයේ නූතනයේ පරමාදර්ශී චරිතයක්.. ලංකාවට සුවිශේෂීයි.. ඒත් ලංකාවේ කවුද ගණන් ගන්නෙ?

ඇත්තටම Jose Mujica ලොව දුප්පත්ම ජනාධිපති ලෙස ඔබ තවමත් සිතන්නේද?

                 

 

                     

 

            

 

උපුටා ගැනීම Gihan Sameera Gallage

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top