අතීතයේ ගල් කැබැල්ලේ සිට ලිවීමට උත්සාහ කල මිනිසාගේ ලේඛන කලාව ඩිජිටල් යුගය වන මේ වන විට ඇගිලි තුඩ දක්වා විකාශණය වී ඇත. මිනිසාගේ ලිවීමේ කලාවේ මහත් වෙනසක් සිදුවන්නේ 19 සියවසේ මුල් කාලයේදීය. එතෙක් ජනප්රියව තිබූ ෆවුන්ටන් පෑන වෙනුවට බෝල්පොයින්ට් පෑනක් එළිදකින්නේ එම යුගයේදීය.
කාටත් කුතුහලයක්ව තිබෙන බෝල්පොයින්ට් පෑනෙන් ලියවෙන ආකාරය පිළිබදව මේ ලිපිය කියවූ විට වටහා ගත හැකි වේ.

මෙහිදී පැනේ තුඩට සවි වී ඇති කරකැවෙන බෝලය යකඩ හෝ පිත්තල වලින් නිම වී ඇත. එම බෝලය ස්පර්ශ වන විට ඇති වන පීඩනයෙන් තීන්ත ගලා එන අතර බෝලය කරකැවෙන නිසා කඩදාසිය මත තීන්ත තැවරීම සිදුවේ.
පහත ඡායාරූප මගින් තව දුරටත් එම ක්රියාවලිය පිළිබද අදහසක් ලබා ගත හැක.

