දැනුම

හෙරෝයින් යනු මොනවාද ?

මත්ද්‍රව්‍යවලට දිගුකාලීන ඉතිහාසයක්‌ තිබේ. ගස්‌ බෙනයක තබන ලද ධාන්‍ය, වර්ෂාව නිසා එම ගස්‌ බෙනයට එකතු වූ ජලයෙන් පල්වී පැසී සුරා උපන් ආකාරය පිළිබඳ පැරණි කතන්දරයක්‌ තිබේ. නෙළන ලද මිදි එකතු කළ මැටි බඳුන් තුළ එම මිදි පල් වූ විට වයින් උපන් ආකාරය ගැන පැරණි කතන්දර තිබේ. ඒවා අහඹු සිදුවීම් ය. එහෙත් හෙරොයින් යනු පරීක්‍ෂණ සිය දහස්‌ ගණනක්‌ කර සොයාගත් නිෂ්පාදනයකි. අබිං, බොහෝ පිරිපහදු කළ පසු හෙරොයින් නමැති සුදු පැහැති කුඩු වර්ගය ලැබෙයි. අබිං කිලෝවක්‌ ගසන සැප හෙරොයින් ග්‍රෑම් 10 ක්‌ ගසා ලැබිය හැකි ය. මේ සැප අපායට මග පෙන්වන ‘සැප’ ය.

පොපි මලේ පහල ගැටය සීරුවාම රෝස පාට මැලියම් වර්ගයක් වෑස්සෙනවා, ඒක හූරලා ගත්තාම කළු පාටයි ඒවා තමයි අබිං. ඉතිරි වුන මල වේලුනාම තම්බල බොනව, නැතිනම් හීණියට ඉරල සුරුට්ටු ඔතන අයත් ඉන්නවා.

අබිං වුනත් සිංහල බෙහෙත් වලට ගන්නවා ඉතා සුළු මාත්‍රා වලින්, විශේශයෙන් ම ශක්ති ජනක, කාමෝද්දීපන, වේදනා නාශක ඖශධ වලට.

අබිං පෙරලා මෝෆීන් හදනවා, ඉතිරි වෙන ටික බ්‍රවුන් ශුගර් විදියට සකස් කරනවා. මෝෆීන් රසායනිකව බල ගන්වලා හෙරෝයින් හදනවා. දහ නව වන සියවසේදී සාමාන්‍ය කැස්සට දෙන (පිරිටන් වගේ) බෙහෙතක් විදියට වෛද්‍ය වරු නිර්දේශ කල බෙහෙතක් තමයි හෙරොයින්. දශකයකට පසුව තමයි වෛද්‍ය විද්‍යාව සොයාගත්තෙ හෙරෝයින් ඇබ්බැහිවන සුලු බව සහ ඕවර්ඩෝස් විය හැකි බව. එහි ටොලරන්ස් ඇති වීම ඉතා ශීග්‍රයි. මකරා අල්ලන්න බැරි ඒ නිසයි.

ෆාමසියකින් පවා ලබාගත හැකි සමහර සාමාන්‍ය වේදනා නාශක වල මෙතිල් මෝෆීන් අඩංගු වෙනවා. මෝෆීන් කෙලින්ම රුධිරයට එන්නත් කල යුතු අතර මෙතිල් මෝෆීන් මුඛ මාර්ගයෙන් ගත හැකියි. එවිට මෙතිල් මෝෆීන් වලින් 60%ක් පමණ ලිවර් එකෙන් (අක්මාව) මෝෆීන් ලෙස ලේ වලට එකතු කරනවා, ඉතිරි 40% ලිවර් එකේ ඉතිරි වෙනවා, පසුව ලෙඩ ඇති කරනවා.

මේ පෙති වර්ගය විශේශයෙන් දත් කැක්කුම් වලට වරකට දෙක බැගින් දෙන එකක්. එයින් පහක් අයිස් කැටයක් සමඟ කුඩු කර පෙරාගැනීමෙන් මෙතිල් මෝෆීන් සැලකිය යුතු ප්‍රමාණයක් නිස්සාරණය කරගත හැකියි. එය බලගැන්වීමෙන් හෙරොයින් ඉතා සුළු ප්‍රමාණයක් සාදාගත හැකි නමුත් අතිශයින් මිල අධික සහ අතිශයින් ඇබ්බැහිවන සුලු සහ ශරීරයට අහිතකර වූ සංයෝගයක් බවට පත් වේ.

හෙරොයින් තවදුරටත් ඖශධයක් ලෙස සලකන්නේ නෑ එය ඉතා ඇබ්බැහිවන සුලු සහ ශරීරයට විශකර නිසා. ඒ වෙනුවට වෛද්‍ය විද්‍යාවේ දැනට පාවිච්චි කරන්නේ මෝෆීන්. නමුත් කැස්ස වගේ පොඩි ලෙඩ වලට දෙන්නෙත් නෑ, අධික වේදනාවෙන් හෝ දත් කැක්කුම්, අස්ථි බිඳීම්, පිළිකා සඳහා ප්‍රතිකාර ගන්නා අයට තමයි මෝෆීන් දෙන්නෙ.

දැන් මෝෆීන් බොහෝ දුරට කෘතීමව නිශ්පාදනය කරනවා මේ පෙති වල තියෙන්නේ කෘතීමව නිපදවූ මෙතිල් මෝෆීල් අයිසොමර් එකක්, එය ලිවර් එකට (අක්මාවට) අහිතකරයි.

මුළු ලෝකයටම වෛද්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය මෝෆීන් නිපදවීමට පර්චස් දහයක තරම් පොපි වගාවක් හොඳටම ප්‍රමාණවත් ලු. නමුත් ලෝකයේ අක්කර සිය ගනනක් පොපි වගා කරනවා. විශේශයෙන්ම ඇෆ්ඝනිස්ථානයේ සහ චීනයේ. ඇෆ්ඝන් පොපි ගොවියන් එය කිසි සේත්ම පරිභෝජනය කරන්නේ නෑ. නමුත් චීන පොපි ගොවියන් අබිං ඉවත් කල වේලුන පොපි මල් තම්බා බොනවා. ඔවුන් තම කුඩා දරුවන් අඩන විට දෙන්නේත් මේ අබිං කසාය. ඉතිං කුඩා කල සිටම ඔවුන් එයට ඇබ්බැහි වූවන්. නමුත් මේ චීන පොපි ගොවියන් සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ජීවිත් වෙන අය.

අබිං කසාය ඇබ්බැහිවනසුලු දෙයක්. චීන ජාතිකයින් තමයි අබිං කසාය සොයාගත්තේ. ඔවුන් බොහෝ විට ජීවිතයේ අවසාන කාලය සාමයෙන් ජීවත් වීමටත්, යුද්ධ වලින් ආබාධිත වූ අයට සැනසුම දීමටත්, ශල්‍යකර්ම වලදී නිර්වින්දකයක් විදියටත් තමයි අබිං භාවිතා කලේ. ඊට අමතරව වෙනත් ඖශධ සමඟ අබිං ඉතා සුළු මාත්‍රා වලින් මිශ්‍ර කල විට අධික කාම ශක්තියක් ලැබෙන බව පැවසෙනවා..

දැන් දැන් වෛද්‍ය අවශ්‍යතා සඳහා මෝෆීන් භාවිතය අඩු වෙමින් යනවා, ඒ වෙනුවට දියුනු රට වල ටෙට්‍රාහයිඩ්‍රොකැනබිනෝල් [ටී.එච්.සී] (ගංජා) තමයි වැඩියෙන් යොදා ගන්නෙ. ටී.එච්.සී පවා කෘතීමව නිපදවන්න පුළුවන් දැන්. නමුත් ගංජා වල ඇති සියලුම ඖශධීය ගුණ මේ තනි ක්‍රියාකාරී සංඝටකයේ නොමැති බව ඉතා මෑතකදී සොයාගෙන තියෙනවා. මේවා “මැරිනෝල්” නම් පෙත්තක් ලෙස වෛද්‍ය නිර්දේශය ඇතිව ෆාමසි වලින් ලබා දෙනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top