දැනුම

Phone එක වතුරට වැටුනොත් මේ දේවල් කරන්න

01. හැකි ඉක්මනින් දුරකථනය වතුරින් ඉවතට ගෙන OFF කරන්න. පරිපතයට හානි විය හැකි නිසා ON කිරීමට හොදින් ජලය ඉවත්වන තුරුම ඉන්න.

 

 

02. ජලයෙන් ඉවත් කළ වහාම දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්න.

 

03. SIM කාඩ්පත ඉවත් කල එය හොදින් වේලෙන්නට හරින්න.

 

04. දුරකතනයට බාහිරින් සවිකොට ඇති උපාංග ගලවා ඉවත් කරන්න. SD Card, Headphones, External Camera ආදිය.

 

05. ඔබ සතුව Vacuume Cleaner එකක් ඇත්නම් දුරකතනයේ පරිපත ඇතුලු සියල්ල විනාඩි 20ක් පමණ ජලය ඉවත්වන තුරු භාවිතා කරන්න.

 

06. දුරකතනය වියළීමේ කාර්යයට Hairdryer හෝ එවැනි උණුසුම් වායු නිකුත් කරන උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න. මෙමගින් දුරකථනයේ පරිපත වලට හානි සිදුවිය හැක.

 

07. දින දෙකක් පමණ වියළි සහල් පුරවන ලද ෂොපින් බෑගයක දමා තිබීමෙන් දුරකථනය සම්පූර්ණයෙන් යථා තත්වයට පත් කරගත හැක.
වියළි සහල් වලට අමතරව සිලිකා ජෙල් හෝ ඉර එළියේ තැබීමද සිදු කළ හැක. එහෙත් වියළි සහල් වඩාත් ආරක්ෂිත සහ පහසු ක්‍රමයකි.

 

08. ඉන් පසු බැටරිය හොදින් පරික්ෂා කිරීමෙන් අනතුරුව සවි කර දුරකතනය පනගන්වා බලන්න.

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top